Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 31 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය.
පූර්ව සාධක සහිත හදීසයකි. رواه النسائي في السنن الكبرى وابن ماجه
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත පැවරෙන වගකීම කුමක් ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ, "ඔබ ආහාර ගත් විටෙක ඇයට ද ආහාර පිරිනැමිය යුතුය. ඔබ අඳින විටෙක හෝ උපයන විටෙක ඇයට ද අඳින්නට සැළැස්විය යුතුය. මුහුණට පහර නොදිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හැර (වෙනත් තැන්වල) ඇයව හෙළා නොදැකිය යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්‍යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.