Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 38 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා "මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ මෙසේ පැවසූහ. "ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම පළමු පේළිය එය මලක්වරුන්ගේ පේළිය මෙන් වන අතර, එහි මහිමය ඔබ දන්නේ නම්, ඒ සඳහා යුහුසුළු වනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා පිරිසිදු ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා පිරිසිදුය. මිනිසුන් වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වේ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මළපහ කිරීමෙන් පසු බැහැර වූ විටෙක, එතුමාණෝ "ගුෆ්රානක" (ඔබෙන් සමාව අයැද සිටිමි) යැයි පවසන්නෙකු වූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“(ඔසප් තත්වයෙන්) පිරිසිදු වූවායින් පසු ඇති වන බොර වර්ණය හෝ කහ වර්ණය ගැන අපි ගණන් නොගෙන සිටියෙමු.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබු දාවුද් විසින් මෙම වදන් පෙළ සමඟම වාර්තා කර ඇති අතර ඉමාම් බුහාරි විසින් ( "පිරිසිදු කිරීම" යන වචනයෙන් පසු) කිසිවක් එකතු කිරීමකින් තොරව දන්වා ඇත.
“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය බුහාරි හා අබූ දාවූද් විසින් දන්වා ඇත. මෙහි සඳහන් වදන් පෙළ ඉමාම් අබූ දාවුද් සතුය.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පසු පේළියේ තනිව සලාතය ඉටු කළ මිනිසෙකු දැක ඔහුගේ සලාතය නැවත ඉටු කරන මෙන් එතුමාණෝ ඔහුට නියෝග කළහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"යම් දෙයක් අධික ලෙස ගැනීම මත් බව ඇති කරන්නේ ද, එය සුළු ප්‍රමාණයෙන් වුව ද තහනම් වේ."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"අහෝ බිලාල් ඔබ සලාත් ඉටු කරන්න; එමගින් සැනසුම ලබන්න"
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.