Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඉස්රාඊල් දරුවන් වනාහි නබිවරු ඔවුන් පාලනය කළහ. නබිවරයකු ඉකුත්ව ගිය සෑම කලකම ඔහුගෙන් පසුව තවත් නබිවරයකු ඔවුන් වෙත පැමිණියේය. සැබැවින්ම මට පසුව කිසිදු නබිවරයකු නැත. මගෙන් පසුව කුලෆාවරු (පාලකයෝ) වෙති. ඔවුන් අධිකව සිටිති.” "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අපට නියෝග කර සිටිනුයේ කුමක්දැ?"යි ඔවුහු විමසා සිටියෝය. එතුමාණෝ: “නුඹලා පළමු ප්‍රතිඥාව ඉටු කරනු. පසුව වඩාත් ප්‍රමුඛ දෑ ඉටු කරනු. පසුව ඔවුන්ගේ අයිතිය ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ පාලනය පිළිබඳව ඔවුන්ගෙන් විමසන්නාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.