Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත. එවිට, “අන්ධකාරයේත් වැල්ලේත් නැග යන්නට හැකිවනු පිණිස ඔබ බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ යැයි කියනු ලැබීය. ඔහු, “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටීම මා සතුටට පත් නො කරයි. මම මස්ජිදය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් යහපත ලියනු ලැබීම සැබැවින්ම මම අපේක්ෂා කරමි.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්): “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ගැත්තා රෝගාතුර වූ විටෙක හෝ ගමනක නිරත වූ විටෙක, ඔහු නිරෝගීව හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාවන්ට සමාන දෙයක් ඔහුට නියම කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්‍රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
මක්කා ජයග්‍රහණය ලැබූ දින අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ජනතාව අමතා දේශනා කළහ. එවිට එතුමාණෝ: අහෝ ජනයිනි! අඥාන යුගයේ අහංකාරකම් හා එහි මුතුන් මිත්තන් ගැන පුරසාරම් දෙඩීම් අල්ලාහ් නුඹලාගෙන් පහ කර ඇත. දැන් මිනිසුන් දෙවර්ගයකි. අල්ලාට ගෞරවනීය භක්තිමත් ධර්මිෂ්ඨයෙකි. අල්ලාහ්ට නින්දා සහගත අභාග්‍යමත් දුෂ්ඨයකි. මිනිසුන් සියල්ලෝම ආදම්ගේ දරුවෝ වෙති. අල්ලාහ් ආදම්ව පසින් මැව්වේය. අල්ලාහ් මෙසේ පවසයි: "අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට නුඹලාව අපි පත් කළෙමු. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය; මහා අභිඥානවන්තය. " (අල්-හුජුරාත්: 13)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා ඉබ්නු හිබ්බාන් වාර්තා කර ඇත.
"සැබැවින්ම දහම පහසුය. දහම අබිබවා යෑම මිස වෙනත් කිසිවිටෙක එය අසීරු වන්නේ නැත. එබැවින් තදින් පිළිපදිනු. සමීපයෙන් කටයුතු කරනු. ශුභාරංචි දන්වනු. උදේ සවස මෙන්ම රාත්‍රියේ කොටසක උදව් පතනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.