Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත. එවිට, “අන්ධකාරයේත් වැල්ලේත් නැග යන්නට හැකිවනු පිණිස ඔබ බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ යැයි කියනු ලැබීය. ඔහු, “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටීම මා සතුටට පත් නො කරයි. මම මස්ජිදය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් යහපත ලියනු ලැබීම සැබැවින්ම මම අපේක්ෂා කරමි.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්): “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්‍රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්‍රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.