Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"පටියෙන් පටිය වියන ලද පන් පැදුරක් මෙන් හදවත් මත පරීක්ෂණ ඉදිරිපත් වෙයි. කවර හදවතක් එය වැළඳ ගත්තේ ද එහි කළු පැල්ලමක් යෙදෙනු ඇත. කවර හදවතක් එය ප්‍රතික්ෂේප කරන්නේ ද එහි සුදු පැල්ලමක් යෙදෙනු ඇත. අවසානයේ එය හදවත් දෙකක් බවට පත්වෙයි. එකක් කිරිගරුඩ මෙන් සුදුවන්ය. අහස් හා මහපොළොව පවතින තාක්කල් කිසිදු අර්බුදයක් එයට හානි කරන්නේ නැත. අනෙක කැළඹුණු බඳුනක් මෙන් දුහුවිලි පැහැයෙන් යුත් කළුවන්ය. එය යහපත නො හඳුනයි. පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප නො කරයි. නමුත් එය ආශාවෙන් පිරී පවතී." හුදෙයිෆා තුමා මෙසේ පැවසීය: "මම ඔහුට මෙසේ පවසා සිටියෙමි: ඔබ අතර හා ඒ අතර කැඩෙන්නට බලන වැසුනු දොරටුවක් ඇත." උමර් තුමා මෙසේ පැවසීය: සැබැවින්ම එය විවෘත කරනු ලැබුවේ නම්, නැවත ඒ වෙත හැරී එන්නට බලයි". මම මෙසේ පැවසුවෙමි: "නැත එය කැඩී යනු ඇත". මම ඔහුට මෙසේ ද පැවසුවෙමි. "සැබැවින්ම එම දොරටුව වනාහි, ඝාතනය කරනු ලබන හෝ මිය යව මිනිසෙකි. එය දෝෂ සහිත නොවේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"පිරිමින්ට මහත් හානිදායක අර්බුදයක් ලෙස කාන්තාවන්ට වඩා වෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.