Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 17 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللهُمَّ آتِ نَفْسِي تَقْوَاهَا، وَزَكِّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا، أَنْتَ وَلِيُّهَا وَمَوْلَاهَا، اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ، وَمِنْ قَلْبٍ لَا يَخْشَعُ، وَمِنْ نَفْسٍ لَا تَشْبَعُ، وَمِنْ دَعْوَةٍ لَا يُسْتَجَابُ لَهَا "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මිනල් අජ්සි, වල් කසලි, වල් ජුබ්නි, වල් බුහ්ලි, වල් හරමි, වඅදාබිල් කබ්රි. අල්ලාහුම්ම ආති නෆ්සී තක්වාහා, වසක්කිහා අන්ත හඃය්රුන් මන් සක්කාහා, අන්ත වලිය්යුහා වමව්ලාහා, අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් ඉල්මින් ලා යන්ෆඋ. වමින් කල්බින් ලා යහඃෂඋ. වමින් නෆ්සින් ලා තෂ්බඋ. වමින් දඃවතින් ලා යුස්තජාබු ලහා." (අහෝ දෙවිඳුනි! නොහැකියාව, මැලිකම, බියගුලුකම, මසුරුකම, වයෝවෘද්ධකම හා කබ්ර්හි වේදනාව යනාදියෙන් මම ඔබෙන් ආරක්ෂාව පතමි. අහෝ දෙවිඳුනි,! මාගේ ආත්මයට එහි දේව හැඟීම පිරිනමනු මැනව! එය පිවිතුරු කරනු මැනව. පිවිතුරු කරන්නන්ගෙන් ඔබ අති ශ්‍රේෂ්ඨය. ඔබ එහි භාරකරුය. එහි හිමිකරුය. අහෝ දෙවිඳුනි! ප්‍රයෝජනවත් නොවන දැනුමෙන් ද බිය නොවන හදවතින් ද කුස නොපිරෙන මනසින්ද පිළිගනු නොලබන පැතුමෙන්ද මම ඔබෙන් ආරක්ෂාව පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ غَلَبَةِ الدَّيْنِ، وَغَلَبَةِ الْعَدُوِّ، وَشَمَاتَةِ الْأَعْدَاءِ අහෝ දෙවිඳුනි! ණය බරින් ද, සතුරා ඉක්මවා යාමෙන් ද, සතුරන් සතුටු වීමෙන් ද සැබැවින්ම මම ඔබෙන් ආරක්ෂාව පතමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරුන් වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණෙනි! සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න." යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ: "සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ. දින කිහිපයකට පසු, මම එතුමාණන් වෙත ගොස්: "අල්ලාහ්ගේ දූතයාණනි, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් මා ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න" යැයි පවසා සිටියෙමි. එවිට එතුමාණෝ මට: "අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ."
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي وَجَهْلِي، وَإِسْرَافِي فِي أَمْرِي كُلِّهِ، وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي، اللَّهُمَّ اغْفِرْ لِي خَطَايَايَ، وَعَمْدِي وَجَهْلِي وَهَزْلِي، وَكُلُّ ذَلِكَ عِنْدِي، اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ، أَنْتَ المُقَدِّمُ وَأَنْتَ المُؤَخِّرُ، وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ තේරුම: (අහෝ දෙවියනි! මාගේ වරදටත් මාගේ අනුවනකමටත් මාගේ කටයුතුවලදී මා විසින් සිදු වන නාස්තියටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මට සමාව දෙනු මැනව! අහෝ දෙවියනි! මාගේ පාපයන්ටත් මා උවමනාවෙන් කළ දෑටත් මාගේ අනුවනකමටත් මාගේ උපහාසයටත් මට සමාව දෙනු මැනව! ඒ සියල්ල මා වෙතින් වූවකි. අහෝ දෙවියනි! මා පෙර කළ දෑටත් මා පසු කළ දෑටත් මා රහසිගතව කළ දෑටත් මා ප්‍රසිද්ධියේ කළ දෑටත් මට වඩා ඔබ මැනවින් දැන සිටින දෑටත් මම ඔබෙන් සමාව අයැදිමි. ඔබයි ප්‍රාරම්භක, ඔබයි අවසානය. ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්‍රකාශයක් මට උගන්වන්නැ'යි ඉල්ලා සිටියේය. එතුමාණෝ: ඔබ "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අල්ලාහ් ඉමහත්ය අති ශ්රේෂ්ඨය. වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. ලොවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. මහා ප්‍රඥාවන්තය. සර් ව බලධාරී අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත.) යැයි පවසන්න. හෙතෙම: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි. මා වෙනුවෙන් කුමක් තිබේද?' යැයි විමසීය. එතුමාණෝ: "අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී. (අහෝ අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට මග පෙන්වනු මැනව. මට පෝෂණය ලබා දෙනු මැනව!) යැයි පවසන්න." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ اللهُمَّ اهْدِنِي وَسَدِّدْنِي (අහෝ දෙවියනි! මට මග පෙන්වන්න. මට ඍජු මග ආශිර්වාද කරන්න)" යනුවෙන් පවසන්න. මඟ පෙන්වීම ඉල්ලා සිටින විට, ඔබ ගමන් කළ යුතු දිශාව ගැන සිතන්න, ඍජු මඟ ඉල්ලා සිටින විට, හීයේ ඉලක්කය ගැන සිතන්න.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
‘අල්ලාහුම්ම ඉන්නී අස්අලුකල් හුදා වත්තුකා වල්අෆාෆ වල් ගිනා’ (යා අල්ලාහ්! සැබැවින්ම මම ඔබෙන් මග පෙන්වීම, ශ්‍රද්ධාව, නිර්මලකම සහ පොහොසත්කම පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.