Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 17 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ස්වර්ගයේ සිය ගණනක් තරාතිරම් ඇත. ඒ සෑම තාරතිරම් දෙකක් අතර ප්‍රමාණය අහස හා පොළොව අතර ප්‍රමාණය මෙනි. ඒවා අතරින් උසස්ම තරාතිරම වනුයේ ෆිර්දව්ස් ය. ඉන් ස්වර්ගයේ ගංගා හතරක් ගලා බසිනු ඇත. ඊට ඉහළින් දේව රාජ්‍යය පිහිටා ඇත. එබැවින් ඔබ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටින විට ඔහුගෙන් ෆිර්දව්ස් ස්වර්ගයම ඉල්ලා සිටින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සවස් කාලයට එළැඹෙන විට හා උදෑසනට එළැඹෙන විට මෙම ප්‍රාර්ථනාවන් පවසා සිටීම කිසිවිටෙක අත් හැරියේ නැත. එනම්: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَو: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي තේරුම: (අහෝ දෙවිඳුනි! මෙලොව හා මතුලොව ජීවිතයේ සුවය සැබැවින්ම මම ඔබෙන් පතමි. මාගේ දහම, මාගේ මෙලොව ජීවිතය, මගේ පවුල හා මගේ සම්පත් යනාදියෙහි සුවය හා සමාව මම ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! මගේ අඩුපාඩු වසං කරනු මැනව. මගේ බිය තුරන් කරනු මැනව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ හා පහල යන දිශාවන්ගෙන් මාහට ආරක්ෂා සලසනු මැනව. මට පහළින් විය හැකි අනතුරුවලින් ආරක්ෂාව ද ඔබේ ශ්‍රේෂ්ඨත්වයේ නාමයෙන් පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
اللَّهمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ وَالْأَعْمَالِ وَالْأَهْوَاءِ "අල්ලාහුම්ම ඉන්නී අඌදු බික මින් මුන්කරාතිල් අහ්ඃලාකි, වල් අඃමාලි, වල් අහ්වාඉ" (අහෝ දෙවිඳුනි! පිළිකුල් සහගත ගතිපැවතුම්, ක්‍රියාවන් හා ආශාවන්ගෙන් රැකවරණය මම ඔබෙන් පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉබ්නු මාජහ් හා අහ්මද් වාර්තා කොට ඇත.
«اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර මෙහි පද පෙළ ඉමාම් මුස්ලිම් සතුවූවකි. තවද බුහාරි විසින් මෙය සංක්ෂිප්තව වාර්තා කර ඇත.
اللهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلِ عَافِيَتِكَ، وَفُجَاءَةِ نِقْمَتِكَ، وَجَمِيعِ سَخَطِكَ (අහෝ දෙවිඳුනි! ඔබේ ආශිර්වාදයන් ඉවත්ව යාමෙන් ද ඔබේ සුවය වෙනතකට පෙරළීමෙන් ද ඔබේ දඬුවම අනපේක්ෂිතව පැමිණීමෙන් ද ඔබේ සියලු කෝපයන්ගෙන් ද ආරක්ෂාව මම ඔබෙන්ම පතමි.)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ප්‍රාර්ථනා අතරින් එතුමා අධිකව කළ ප්‍රාර්ථනාව වූයේ, رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහෝ පරමාධිපතියාණනි! මෙලොව යහපත ද මතුලොවෙහි යහපත ද අපට පිරිනමනු මැනව. නිරයේ ගින්නේ දඬුවමින් අප ආරක්ෂා කරනු මැනව) යන්නයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.