Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"පරමාධිපතියාණන්, සිය ගැත්තාට බෙහෙවින් සමීප වනුයේ රාත්‍රියේ අවසාන භාගයේදීය. එම හෝරා කාලයේ අල්ලාහ්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හැකියාව දරන්නේ නම්, එසේ වනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“ගැත්තා තම පරමාධිපතිට වඩාත් සමීපයෙන් සිටිනුයේ ඔහු සුජූද් කරමින් සිටියදීය. එහෙයින් (සුජූද් හි) නුඹලා අධික ලෙස ප්‍රාර්ථනා කරන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අදාන් හා ඉකාමත් අතර අයදින ප්‍රාර්ථනාව ප්‍රතික්ෂේප කරනු නො ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් ඔහු පිළිගන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ධර්ම දූතවරුන් හට කවර නියෝගයක් කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ටත් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර ඇත. "අහෝ ධර්ම දූතවරුණි, ඔබ පිවිතුරු දැයින් අනුභව කරන්න. දැහැමි කටයුතු සිදු කරන්න." තවදුරටත් අල්ලාහ් මෙසේ පවසා ඇත. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි, අප ඔබට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ ඔබ අනුභව කරන්න." පසුව දිගු ගමනක නිරත වුනු, හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ සිහිපත් කළහ. ඔහු තම අත් දෙක අහස දෙසට ඔසවා "අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!" යැයි කණ්ණලව් කරයි. නමුත් ඔහුගේ ආහාරය හරාම් (තහනම් කරනු ලැබූවකි), ඔහුගේ පානය හරාම්, ඔහුගේ වස්ත්‍රය හරාම් ඔහු හරාමයෙන්ම පෝෂණය වී ඇත. එබැවින් එයට කෙසේනම් පිළිතුරු දෙනු ලබන්නේ ද?"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් අනුභව කරනු, දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කරන්නනි! අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පවසා සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට. ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්‍රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ ඇඳුම අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?' යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.