عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (34)
"ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය. ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නො කරන්න. සලාත් ඉටු කරන්න; සකාත් දෙන්න. රමළාන් මාසයේ උපවාසයේ යෙදෙන්න. දේව නිවසෙහි හජ් ඉටු කරන්න." පසුව මෙසේ ද ප්රකාශ කළහ: යහපතේ දොරටු පිළිබඳ මම ඔබට පෙන්වා දෙන්න ද? උපවාසය පළිහකි. ජලය ගින්න නිවා දමන්නාක් මෙන් දානය වැරදි මකා දමනු ඇත. මධ්යම රාත්රියේ මිනිසා ඉටු කරන සලාතය. පසුව මෙසේ පාරායන කර පෙන්වූහ. "තතජාෆා ජුනූබුහුම් අනිල් මලාජිඉ" සිට "බලග යඃමලූන්" දක්වා. පසුව එතුමාණෝ: "විෂය ශීර්ෂය එහි කුළුන හා එහි මුදුන් මුල ගැන මා ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. එවිට මම "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "විෂය ශීර්ෂය ඉස්ලාමයයි. එහි කුළුන සලාතයයි. එහි මුදුන් මුල ජිහාදයයි." යැයි පැවසූහ. පසුව එතුමාණෝ "ඒ සියල්ල හිමි කර දෙන මුඛ්ය කරුණ ගැන ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ තම දිව අල්ලාගෙන "මෙය වළක්වා ගන්න" යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ නබිවරයාණනි, අපි කතා කරන දැයින් ග්රහණය කරනු ලබන්නෙම් ද? එවිට එතුමාණෝ: "ඔබේ මවට ඔබ අහිමි වේවා1! මිනිසුන් ඔවුන් මුණින් අතට -හෝ ඔවුන්ගේ නාසය මත- වැටෙන්න සළස්වන්නේ ඔවුන්ගේ දිවවල් සොයාගත් අස්වැන්න හැර වෙනත් කිසිවක් වන්නේ ද!" යැයි පැවසූහ.
1.සකිලත්ක උම්මුඛ. එහි වචනාර්ථය මෙහි ලබා දී ඇති නමුත් මෙම වාක්ය ඛණ්ඩය අරාබි භාෂාවෙන් භාවිතා කර ඇත්තේ "වැරදි සහ නිෂ්ඵල කතා නොකියන්න!" යන අර්ථය හඟවමිනි.
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අල්-බෛහකී සහ තවත් අය විසින් වාර්තා කොට ඇත.
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජා, දාරකුත්නී යන ඉමාම්වරු හා තවත් අය විසින් මුස්නද් වශයෙන් වාර්තා කොට ඇත.
“ක්රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුව ය. සෑම පුද්ගලයකුටම ඔහුගේ චේතනාව මත ප්රතිඵලය පිහිටනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රත් හෙවත් දේශාන්තරය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් කරන්නේද, ඔහුගේ හිජ්රතය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ හිජ්රතය ලෞකික ප්රතිලාභ සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා සිදු කරන්නේ ද ඔහුගේ හිජ්රතය ඔහු කවර දෙයක් වෙත හිජ්රත් කරන්නේ ද ඒ සඳහා පිහිටනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ අබ්දුල්ලාහ් මුහම්මද් බින් ඉස්මාඊල් බින් ඉබ්රාහීම් බින් අල්-මුගීරා බින් බර්දිස්බා අල්-බුහාරි හා අබුල් හුසෙයින් මුස්ලිම් බින් අල්-හජ්ජාජ් බින් මුස්ලිම් අල්-කුෂෙයිරි අන්-නෙයිසාබූරි යන හදීස්වේදීන්ගේ ඉමාම්වරුන් දෙදෙනා, සම්පාදිත ග්රන්ථ අතුරින් වඩාත් නිවැරදිම ග්රන්ථ දෙක වන තම සහීහ් ග්රන්ථවල එය වාර්තා කර ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.