Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (34)
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු දෑ නියම අයුරින් පවරා, විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය ඉමාම් අහ්මද්, තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කොට ඇති අතර ඉබ්නු හිබ්බාන් ඉමාම් විසින් තම සහීහ් ග්‍රන්ථයෙහි ද, අල් හාකිම් විසින් ද වාර්තා කොට ඇත.
“අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ දිනක් අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණිය‍. ගමනක කිසිදු සළකුණක් ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකු ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ල) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, ඔහුගේ අත්දෙක ඔහුගේ කලවා දෙක මත තබා වාඩි වී, මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඉස්ලාම් යනු ‘නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රුකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම" යැයි පැවසූහ. පසුව ඔහු. ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාණන්ගෙන් විමසයි. එය සත්ය ය යැයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්නැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්, ඔහුගේ දූතයින්, ඔහුගේ ග්‍රන්ථ හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොඳ හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීම" යැයි පැවසූහ. එවිට ඔහු, "ඔබ සත්‍යයම ප්‍රකාශ කළෙහිය". නැවතත් "මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි." යැයි පැවසූහ. ඔහු, "මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න" යැයි පැවසීය. එතුමාණෝ, "විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නා වේ" යැයි පැවසූහ. ඔහු, "අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න." යැයි පැවසීය. එතුමාණෝ: "වහලියක් තම ස්වාමි ප්‍රත්‍රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වත්‍ර, එළුවන් බලා කියා ගන්නා උදවිය උස් ගොඩ නැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති" යැයි පැවසූහ. පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසීය. ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැ?යි ඔබ දන්නෙහි ද?" මම, "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි පැවසුවෙමි. එතුමාණෝ, “සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.