عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (34)
“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා එකිනෙකාට ඊර්ෂ්යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.
"සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. පිවිතුරු දෑ හැර වෙනත් කිසිවක් ඔහු පිළිගන්නේ නැත. සැබැවින්ම අල්ලාහ් ධර්ම දූතවරුන් හට කවර නියෝගයක් කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ටත් නියෝග කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කර ඇත. "අහෝ ධර්ම දූතවරුණි, ඔබ පිවිතුරු දැයින් අනුභව කරන්න. දැහැමි කටයුතු සිදු කරන්න." තවදුරටත් අල්ලාහ් මෙසේ පවසා ඇත. "අහෝ දේවත්වය විශ්වාස කළවුනි, අප ඔබට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ ඔබ අනුභව කරන්න." පසුව දිගු ගමනක නිරත වුනු, හිසකෙස් අවුල් වී ගිය, දූවිලි තැවරී ඇති මිනිසකු පිළිබඳ සිහිපත් කළහ. ඔහු තම අත් දෙක අහස දෙසට ඔසවා "අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!" යැයි කණ්ණලව් කරයි. නමුත් ඔහුගේ ආහාරය හරාම් (තහනම් කරනු ලැබූවකි), ඔහුගේ පානය හරාම්, ඔහුගේ වස්ත්රය හරාම් ඔහු හරාමයෙන්ම පෝෂණය වී ඇත. එබැවින් එයට කෙසේනම් පිළිතුරු දෙනු ලබන්නේ ද?"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.