Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 8 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.
"නියත වශයෙන්ම අල්ලාහ් වගකීම් අනිවාර්යය කර ඇත. ඒවා පැහැර නොහැරිය යුතු ය. ඔහු සීමාවන් පනවා ඇත. ඒවා ඔබ ඉක්මවා නොයා යුතුය. ඇතැම් කරුණු තහනම් කර ඇත. ඒවා උල්ලංඝනය නොකළ යුතුය. ඇතැම් කරුණු සම්බන්ධයෙන් නිහඬ වී ඇත. ඒවා අමතකවීමෙන් නොව ඔබට පිරිනමා ඇති ආශිර්වාදයක් ලෙසය. එබැවින් ඒ ගැන විමර්ශනය නොකරන්න."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය දාරුකුත්නි විසින් සිය සුනන් ග්‍රන්ථයෙහි සහ තවත් අය විසින් ද වාර්තා කර ඇත.
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බයිහකී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද මෙසේ වාර්තා කොට ඇත, තවද මෙහි ඇතැම් කොටස් සහීහ් ග්‍රන්ථ දෙකෙහි ද සඳහන් වී ඇත.
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අල්-බෛහකී සහ තවත් අය විසින් වාර්තා කොට ඇත.
"යමෙකු තමාට හෝ අන් අයට හානියක් නොකළ යුතුය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජා, දාරකුත්නී යන ඉමාම්වරු හා තවත් අය විසින් මුස්නද් වශයෙන් වාර්තා කොට ඇත.
"ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
තිර්මිදි තුමා මෙසේ පවසයි: මෙය හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"මෙලොවෙහි ඔබ සරලව ජීවත් වන්න. අල්ලාහ් ඔබට ආදරය කරනු ඇත. මිනිසුන් අතර ද ඔබ සරලව ජීවත් වන්න. මිනිසුන් ඔබට ආදරය කරනු ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ් සහ වෙනත් අය විසින් යහපත් වාර්තා දාමයන්ගෙන් වාර්තා කොට ඇත.