Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 29 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් මා අසා නැති ඉස්ලාමයේ ප්‍රකාශයක් මා හට පවසන්නැයි මම පවසා සිටියෙමි. එතුමාණෝ: "'මම අල්ලාහ්ව විශ්වාස කළෙමි' යැයි ඔබ පවසා පසු ව එහි ස්ථාවර ව සිටින්න" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ අතරින් කිසිවකු හෝ යම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඔහුගේ අතින් වැළැක්විය යුතුය. (එයට) ඔහු අපොහොසත් වූයේ නම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපොහොසත් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමාන් හෙවත් දේව විශ්වාසයේ අවමම නිලයයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බයිහකී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද මෙසේ වාර්තා කොට ඇත, තවද මෙහි ඇතැම් කොටස් සහීහ් ග්‍රන්ථ දෙකෙහි ද සඳහන් වී ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.