Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්‍රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්‍රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්‍රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.