Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සෑම අනිවාර්යය සලාතයකට පසුවම, මේවා පවසන්නාට හෝ මේවා සිදු කරන්නාට හෝ අලාභයක් ඇති නොවෙයි. එනම් තිස් තුන් වතාවක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පැවසීම, තිස් තුන් වතාවක් (අල් හම්දුලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පැවසීම හා තිස්හතර වතාවක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පැවසීමය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අබියස අපි සිටියෙමු. එවිට එතුමාණෝ: "සෑම දිනකම දහසක් පින් උපයන්නට ඔබ අතරින් කිසිවෙකු හෝ අපොහොසත් වන්නේ ද?" යැයි විමසා සිටියහ. එවිට එතුමාණන්ගේ සභාවේ සිටි අයකු මෙසේ විමසා සිටියේය: 'අප අතරින් කිසිවෙකු පින් දහසක් උපයනුයේ කෙසේ ද?' එතුමාණෝ: "සිය වාරයක් ඔහු තස්බීහ් පවසයි. එවිට ඔහුට පින් දහසක් ලියනු ලැබේ. එසේ නැතහොත් පව් දහසක් ඔහුගෙන් මැකේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළහ: සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: “මාගේ ගැත්තා මා ගැන සිතන සිතුවිලි අබියස මම වෙමි. ඔහු මා මෙනෙහි කරන පරිදිම මම ඔහු සමග වෙමි. එසේ ඔහු, ඔහු තුළ මා ගැන මෙනෙහි කළේ නම් මම මා තුළ ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මා යම් පිරිසක් මධ්‍යයේ මෙනෙහි කළේ නම් ඊට වඩා යහපත් ලෙස මම ඔහු ගැන පිරිසක් මධ්‍යයේ මෙනෙහි කරමි. මා වෙත ඔහු වියතක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහුවක දුරක් සමීප වෙමි. කවරෙකු මා වෙත බාහුවක දුරක් සමීප වන්නේ නම්, මම ඔහු වෙත බාහු දෙකක දුරක් සමීප වෙමි. ඔහු පා ගමනින් මා වෙත පැමිණියේ නම්, මම ඔහු වෙත වේගයෙන් දුව පැමිණෙමි”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උත්තරීතර අල්ලාහ්ගේ හෙවණ හැර වෙනත් කිසිදු හෙවණක් නැති දිනයේ ඔහුගේ හෙවණ තුළ ඔහු හෙවණ ලබා දෙන හත් දෙනෙකු සිටිති. යුක්ති ගරුක නායකයා, අල්ලාහ්ගේ නැමදුම තුළ වැඩුණු තරුණයා, දේවස්ථාන සමග ඔහුගේ හදවත බැඳුණු මිනිසා, අල්ලාහ් විෂයයෙහි එකිනෙකා ආදරය කරන මිනිසුන් දෙදෙනා, ඔවුන් දෙදෙනා ඔහු වෙනුවෙන් රැස්වෙති. ඔහු වෙනුවෙන් වෙන්ව යති. නිලය හා අලංකාරය ඇති කාන්තාවක් ඔහුට (කාමයේ වරදවා හැසිරීමට) ඇරයුම් කළ විට, "සැබැවින්ම මම අල්ලාහ්ට බිය වෙමි" යැයි පවසන මිනිසා, ඔහුගේ දකුණත වියදම් කළ දෑ ඔහුගේ වමතට නොදැනෙන තරමට එය සඟවාගෙන දන් දෙන මිනිසා, හුදෙකලාවේ අල්ලාහ්ව මෙනෙහි කරමින් ඔහුගේ ඇස්වලින් කඳුළු සළන මිනිසා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.