عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (59)
ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අනාවැකි කියන්නන් පිළිබඳ ව අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) ජනයා විමසා සිටියෝය. එවිට එතුමා: “ඔවුන් තුළ කිසිවක් නැත” යැයි පැවසීය. එවිට ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණෙනි! ඇතැම් විට ඔවුන් අපට කරුණක් වසන්නේ නම් එය සැබෑවක් වන්නේය! යැයි පවසා සිටියෝය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්: ‘එම ප්රකාශය සත්යයෙන් යුක්තය. නමුත් එය ජින්නුවෙක් පැහැර ගෙන ඔහුගේ භාරකරුගේ කන තුළට දන්වා සිටි දෑ වේ. පසුව ඔවුහු ඒ සමග බොරු සියයක් මුසු කරති" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නජ්ද් වැසියන් අතරින් හිසකෙස් අවුල් වුණු මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණියේය. ඔහුගේ රළු හඬට අපි සවන් දුනිමු. අල්ලාහ්ගේ දූතයාණන් වෙතට ඔහු ළඟා වන තුරුම ඔහු පවසන දේ අපට වැටහුණේ නැත. පසුව ඔහු ඉස්ලාමය ගැන විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “දහවලේ හා රාත්රියේ පස්වේල සලාතය ඉටු කිරීම” යැයි පැවසූහ. ඔහු: 'ඒවා හැර වෙනත් දෑ මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත, නමුත් ඔබ අතිරේකව කරන දෑ හැර.” යැයි පැවසූහ. පසුව එතුමා නැවතත්: “රමළාන් මාසයේ උපවාසය රැකීම” යැයි පැවසූහ. ඔහු: 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේ ද?' යැයි විමසීය. එතුමා: “නැත නමුත් ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස.” පසුව අල්ලාහ්ගේ දූතයාණෝ ඔහුට සකාතය පිළිබඳ මෙනෙහි කළහ. එවිට ද ඔහු 'ඒ හැර වෙනත් දෙයක් මා වෙත පැවරෙන්නේද?' යැයි විමසීය. එතුමා: “නැත, ඔබ අතිරේකව ඉටු කරන්නේ නම් මිස" යැයි පැවසූහ. පසුව එම මිනිසා ‘අල්ලාහ් මත දිවුරා පවසමි. මීට වඩා වැඩි යමක් මම නොකරමි. එමෙන්ම ඉන් කිසිවක් අඩු නොකරමි’ යැයි පවසමින් හැරී ගියේය. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “ඔහු සත්යය පවසා ඇත්නම් ඔහු ජය ලැබීය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැනක අල්ලාහ් එක් රැස් කරනු ඇත. ඇරයුම ඔවුනට සවන් වැකෙන්නටත් බැල්ම ඔවුන් දකින්නටත් සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑ ගැන සිතා නො බැලුවෙ හි ද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා සොයා නොබැලුවෙහි ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාට ආදම් සිටියි” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම ඔබ ව මවා ඇත. ඔහුගේ ජීවයෙන් ඔබ තුළට පිඹ ඇත. මලක්වරුන්ට (සුජූද් කරන්නට) නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් වන්න. අපි සිටින්නේ කොහේදැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද? යැයි විමසති. එවිට ආදම් සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. “සැබැවින්ම ගස මට තහනම් කර තිබිණ. නමුත් මම ඔහුට පිටුපෑවෙමි. "අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය!" යැයි පවසා නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! පොළෝ වාසීන් වෙත එවන ලද පළමු ධර්ම දූතයා සැබැවින්ම ඔබ ය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යැයි නම් තැබීය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අපි සිටින්නේ කවර තත්ත්වයක දැයි ඔබ නොදුටුවෙහි ද? අපට අත් ව ඇති දෑ ඔබ නොදැක්කෙහි ද?" යැයි පවසති. එවිට ඔහු "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කෝප නොවූ අයුරින් හා මින් පසු කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින කෝපයට පත්ව ඇත. සැබැවින්ම මට සතුව ප්රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසා, "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඉබ්රාහීම් වෙත යන්න." යයි කීහ.පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ ඔහුට මෙසේ පවසති. "අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙ හි ද?" එවිට ඔහු ඔවුනට මෙසේ පවසයි. "මීට පෙර කිසිකලෙක කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින කෝපවී ඇත. එමෙන්ම සැබැවින්ම මම බොරු තුනක් පවසා ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය!" යැයි පවසයි. "නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න" යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: "අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයා අතර භාග්යවන්තයකු බවට පත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහි ද?" යැයි පවසති. එවිට ඔහු, "සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දමා ඇත්තෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! ඔබ වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා ඊසා වෙත යන්න" යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, "අහෝ ඊසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නො දකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු දැඩි සේ කෝප වී සිටියි. නමුත් හෙතෙම පාපයක් සඳහන් කළේ නැත. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යන්න” යැයි පවසයි. පසුව ඔවුන් මුහම්මද් වෙත පැමිණ මෙසේ පවසති. "අහෝ මුහම්මද්! ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වන්න. අප කවර තත්ත්වයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද?" පසුව මම ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්යයේ පහළට පැමිණ, මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙමි. පසුව මට පෙර වෙනත් කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න. ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ." යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිස මම ඔසවා ගනිමින්, අහෝ මාගේ පරමාධපතියාණනි! මාගේ ප්රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි! මාගේ ප්රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්රජාව! යනුවෙන් පවසමි. එවිට "අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා, "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්රමාණය මක්කා හා හිම්යර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම අල්ලාහ් ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් තෘප්තියට පත් වෙයි. එමෙන්ම ඔබ වෙනුවෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් ඔහු පිළිකුල් කරයි. එසේ ඔබ වෙනුවෙන් ඔහු තෘප්තියට පත් වනුයේ: ඔබ ඔහුට නැමදීම, ඔහුට කිසිවක් ආදේශ නොකිරීම හා ඔබ වෙන්ව නොයා සියලු දෙනා අල්ලාහ්ගේ රැහැණ තදින් අල්ලා ගැනීමය. ඔබ වෙනුවෙන් ඔහු පිළිකුල් කරනුයේ 'ඕපාදූප කීම, අධික ලෙස ප්රශ්න කිරිම හා ධනය නාස්ති කිරීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා මිනීවළවල් මත වාඩි නොවනු. ඒ දෙසට හැරී සලාත් ඉටු නොකරනු."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වරක් අෂජ්ජි අබ්දුල් කයිස් බලා "නියත වශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. එනම්: තීක්ෂන බුද්ධිය හා ඉවසීමය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රිය කරන මිනිසෙකුට මෙම ධජ පතාකය සැබැවින්ම පිරිනමනු ලැබේ. ඔහුගේ දෑතින් අල්ලාහ් ජයග්රහණය ඇති කරයි.” යනුවෙන් පැවසූහ. උමර් ඉබ්නු කත්තාබ් තුමා: 'එදින හැර වෙනත් කිසිදිනෙක නායකත්වයට මම ප්රිය නොකළෙමි. එබැවින් ඒ සඳහා මා ඇරයුම් කරනු ලබනු ඇතැයි යන අපේක්ෂාවෙන් සිටියෙමි' යැයි පැවසීය. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමාණන් කැඳවා එය ඔහුට පිරිනමා “ඔබ ගමනේ යනු. අල්ලාහ් ඔබට ජයග්රහණය පිරිනමන තෙක් නො හැරෙනු” යැයි පැවසූහ. අලී ඉදිරියට ගමන් කොට හැරී නො බලාම නැවතී ‘අල්ලාහ්ගේ දූතයාණනි! මම ජනයා සමග සටන් කළ යුත්තේ කුමක් සඳහා ද?' යැයි හඬ නගා විමසීය. එතුමා “සැබැවින්ම නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවටත්, මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවටත් ඔවුන් සාක්ෂි දරන තුරු නුඹ ඔවුන් සමග සටන් කරනු. එසේ ඔවුන් ඉටු කළේ නම් ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ වස්තුව ඔබගෙන් ඔවුන් වළක්වා ගත්තෝය. නමුත් ඒවායෙහි නීත්යානුකූල හේතුවක් නිසාවෙන් මිස. ඔවුන්ගේ විනිශ්චය අල්ලාහ් මත වන්නේය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.