Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“බරපතළ පාපය කුමක්දැ?යි මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් විමසුවෙමි. එතුමා: “අල්ලාහ් ඔබව මවා තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා “පසුව ඔබේ දරුවා ඔබ සමග අනුභව කරනු ඇතැයි බියෙන් ඔහුව ඔබ මරා දැමීමය.” යැයි පැවසූහ. මම: ‘පසුව කුමක්දැ?’යි විමසුවෙමි. එතුමා: “ඔබේ අසල්වැසියාගේ බිරිය සමඟ ඔබ කාමයේ වරදවා හැසිරීමය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එක් ප්‍රකාශයක් පැවසූහ. තවත් කරුණක් මම ද පැවසුවෙමි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ‌මෙසේ පැවසූහ. “කවරෙකු අල්ලාහ් හැර දමා යම් ආදේශයකට ඇරයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසීය.” එවිට මම මෙසේ පැවසුවෙමි: "කවරෙකු අල්ලාහ්ට යමක් ආදේශ නොතබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසීය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අපට මෙසේ පවසා සිටියහ. එතුමාණෝ අවංක හා සත්‍යවාදියෙකු වූහ. "සැබැවින්ම ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින කැටියක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඔහු වෙත අල්ලාහ් දේවදූතයකු එවා ඔහුගේ ක්‍රියාව, ඔහුගේ ආයු කාලය, ඔහුගේ පෝෂණය හා ඔහු භාග්‍යවන්තයකු ද එසේ නැතිනම් අභාග්‍යවන්තයකු ද යනාදී නියමයන් හතරක් නියම කරනු ලබයි. පසුව එහි ප්‍රාණය පිඹිනු ලබයි. ඒ අනුව මිනිසා නිරා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ඒ අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. ඔහු ස්වර්ගවාසීන්ගේ ක්‍රියාවන් සිදු කොට ස්වර්ග උයනට පිවිසෙනු ඇත. එමෙන්ම පුද්ගලයෙක් ස්වර්ග වාසීන්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හා ස්වර්ගය අතර බාහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවා යයි. එහෙයින් ඔහු නිරා වාසීන්ගේ ක්‍රියාවන් සිදු කොට නිරා ගින්නට පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මිනිසකු මෙසේ විමසුවේය: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, 'ජාහිලිය්යා' හෙවත් අඥාන යුගයේ අප සිදු කළ දෑ නිසාවෙන් අපි වැරදි කරුවන් ලෙස හසු කරනු ලබන්නෙමු ද? එතුමාණෝ මෙසේ පැවසූහ: "ඉස්ලාමය තුළ කවරෙකු දැහැමි අයුරින් කටයුතු කළේ ද ඔහු අඥාන යුගයේ සිදු කළ වැරදි නිසාවෙන් ඔහු ග්‍රහණය කරනු නොලැබේ. කවරෙකු ඉස්ලාමය තුළ දුෂ්ටකම් සිදු කළේ ද ඔහු ආරම්භය මෙන්ම අවසානයේ සිටම ග්‍රහණය කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.