Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
එතුමා අතා ඉබ්නු අබී රබාහ් තුමාට මෙසේ කීවේය: “මම ඔබට ස්වර්ගයේ වැසියන්ගෙන් කාන්තාවක් පෙන්වන්නද?” හෙතෙම: ‘එසේය.’ යැයි පැවසීය. එතුමා: මෙසේ කීවේය: “මේ කළු කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය: ‘මම අපස්මාරයෙන් පෙළෙන අතර, (එහි ප්‍රතිඵලයක් ලෙස) මගේ ශරීරය නිරාවරණය වේ. එබැවින් ඔබ මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින්න.’ එතුමාණෝ ඇයට මෙසේ කීහ: ‘ඔබ කැමති නම්, ඉවසිලිවන්ත වන්න, එවිට ඔබට ස්වර්ගය හිමි වනු ඇත. නැතහොත්, ඔබ කැමති නම්, ඔබව සුව කරන ලෙස මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි.’ ඇය මෙසේ පැවසුවාය: ‘මම ඉවසිලිවන්තව සිටිමි.’ පසුව ඇය මෙසේ පැවසුවාය: ‘නමුත් මම නිරාවරණය වෙමි, එබැවින් මා නිරාවරණය නොවන්නට අල්ලාහ්ගෙන් ඔබ අයැද සිටින්න.’ පසුව එතුමාණෝ ඇය වෙනුවෙන් අයැද සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල ‌දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා යමන් දේශයට යැවූ අවස්ථාවේ එතුමාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නෙහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා බවට සාක්ෂි දරන මෙන්' ඔවුනට ඇරයුම් කරන්න. ඒ සඳහා ඔවුන් ඔබට කීකරු වූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔවුනට සෑම දහවලකම රාත්‍රියකම වාර පහක් සලාතය අනිවාර්යය කර ඇති බව ඔවුනට දන්වා සිටින්න. එයට ද ඔවුන් ඔබට අවනත වූයේ නම්, සැබැවින්ම ඔවුන් අතර ධනවතුන්ගෙන් ලබා එය ඔවුන්ගේ දුප්පතුන්ට පිරිනමන දානය ඔවුනට අල්ලාහ් අනිවාර්යය කර ඇති බව දැනුම් දෙන්න. එයටත් ඔවුන් ඔබට අවනත වූයේ නම්, ඔවුන්ගේ ගෞරවණීය වස්තු පිළිබඳ ප්‍රවේසම් විය යුතුය. අසාධාරණයට ලක්වූවන්ගේ ප්‍රාර්ථනාවට ඔබ බියවන්න. සැබැවින්ම ඒ අතර හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණොා් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.