Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කෙනෙකු මූත්‍රා කරමින් සිටිය දී දකුණතින් තම ලිංගය නො ඇල්ලිය යුතු ය. වැසිකිළි ගිය පසු තම දකුණතින් නො සේදිය යුතු ය. (පානය කරන) භාජනය තුළ හුස්ම නො හැරිය යුතු ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොලුුවෙක් වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ. ඉන්පසු මගේ ආහාර වේල එසේම විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමතින් අනුභව කළේය. එවිට එතුමාණෝ: ‘ඔබේ දකුණතින් අනුභව කරන්නැ’යි පැවසූහ. ඔහු: 'මට නොහැකි' යැයි පැවසීය. එතුමාණෝ ඔබට නොහැකි ම වේවා! යැයි පවසා, අහංකාරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වැළැක්වූයේ නැත' යැයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙත එය ඔසවන්නට නො හැකි විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ ආහාර ගන්නා විට, ඔහුගේ දකුණතින් ඔහු අනුභව කළ යුතුය. ඔහුගේ දකුණතින් පානය කළ යුතුය. සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ වමතින් ආහාරය ගනියි. ඔහුගේ වමතින් පානය කරයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ගේ අත තබන තුරු අපි අපගේ අත් නොතබමු. වරක් අපි ඔහු සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහුගේ අත ද අල්ලා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: 'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ඔහුගේ අත ඇගේ අත සමඟ මගේ ග්‍රහණයේ ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.