Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 27 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වරක් අෂජ්ජි අබ්දුල් කයිස් බලා "නියත වශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. එනම්: තීක්ෂන බුද්ධිය හා ඉවසීමය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "සැබැවින්ම නැග යන්නට සතෙකු නොමැතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මා නංවාගෙන යන සතෙකු සූදානම් කර දෙන්නැ"යි පවසා සිටියේය. එවිට එතුමාණෝ "මා සතුව එවැන්නක් නැත" යැයි පැවසූහ. එවිට මිනිසකු, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහුව නංවාගෙන යන අයකු මම පෙන්වා දෙන්නම්" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: “කවරෙකු යම් යහපතක් වෙත මඟ පෙන්වන්නේ ද එය සිදු කළ තැනැත්තාගේ ප්රතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසභ්‍ය වචන කතා කරන්නෙකු හෝ අසභ්‍ය ක්‍රියා සිදු කරන්නෙකු ලෙස සිටියේ නැත. සැබැවින්ම එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: "සැබැවින්ම ඔබ අතරින් වඩාත් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩාත් යහපත් තැනැත්තාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනාහි, ඔවුන්ගේ තීන්දුවලත් ඔවුන්ගේ පවුල් අතරත් ඔවුන් භාරගත් දෑ අතරත් සාධාරණය ඉටු කරන්නන් වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"පහසු කරන්න අපහසු නොකරන්න, ශුභාරංචි දන්වන්න පලවා නොහරින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.