Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 11 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අදාන් පවසන මුඅද්දින් වරයාට ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබත් පවසන්න. පසුව මා වෙත (සලවාත්) ආශිර්වාද පවසන්න. හේතුව කවරෙකු මා වෙත සලවාත් පවසන්නේ ද අල්ලාහ් ඔහු වෙත දස වාරයක් සලාවාත් (ආශිර් වාද) පවසනු ඇත. පසුව මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් 'වසීලාව' පතන්න. සැබැවින්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලාහ්ගේ ගැත්තන් අතරින් ගැත්තෙකුට හැර වෙනත් කිසිවකුට සුදුසු වන්නේ නැත. එය මා විය යුතු යැයි මම අපේක්ෂා කරමි. කවරෙකු මා වෙනුවෙන් 'වසීලාව' පතන්නේ ද ඔහුට මාගේ මැදිහත් වීම නියම වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කවරෙකු "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" යනුවෙන් දස වාරයක් පවසා සිටියේ ද ඔහු ඉස්මාඊල්ගේ දරු පරපුරින් සිව් දෙනෙකු වහල් භාවයෙන් නිදහස් කළ අයකු මෙන් විය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.