Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 13 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
දුප්පත් කාන්තාවක් ඇගේ දියණියන් දෙදෙනා රැගෙන මා වෙත පැමිණියාය. එවිට මම ඇයට කෑමට රට ඉඳි තුනක් දුන්නෙමි. ඇය ඇගේ දියණියන්ට එක බැගින් දුන්නා ය. ඉන්පසු ඇය ඉතිරි රට ඉඳිය කෑමට ඇගේ කට ළඟට එසවූ නමුත්, ඇගේ දියණියන් එය ඉල්ලා සිටි නිසා ඇය එම රට ඉඳිය ඔවුන් දෙදෙනා අතර බෙදා දුන්නාය. ඇගේ ක්‍රියාව මා මවිතයට පත් කළේය. පසුව මම අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට ඇය කළ දේ ගැන මෙනෙහි කළෙමි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඒ හේතුවෙන් අල්ලාහ් ඇයට ස්වර්ගයට නියම කළේය. නැතහොත් එමගින් ඇයව නිරයෙන් නිදහස් කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු ගැහැණු දරුවන් දෙදෙනෙකු ඔවුන් වැඩිවියට පත්වන තුරු රැකබලා ගත්තේ ද, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මා හා ඔහු මෙසේ එනු ඇත' යැයි පවසා එතුමාණන්ගේ ඇගිළි ළං කර පෙන්වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ් එමගින් වැරදි මකා දමන, එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?" ඔවුහු: ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එතුමාණෝ: "අකමැති අසීරු අවස්ථාවක වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වශයෙන් පියවර තැබීම හා සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටීමය. රැකවරණය යනු එයයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්‍රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"පුද්ගලයකු වියදම් කරන විශිෂ්ටතම දීනාරය නම්, තම පවුලේ අය වෙනුවෙන් වියදම් කරන දීනාරය, අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම ප්‍රවාහනික සත්වයා වෙනුවෙන් මිනිසා වියදම් කරන දීනාරය හා අල්ලාහ්ගේ මාර්ගයේ සිටින තම සගයින් වෙනුවෙන් වියදම් කරන දීනාරයයි" යැයි පැවසූහ. අබූ කිලාබා තුමා: "හෙතෙම තම පවුලෙන් ආරම්භ කර ඇති" බව පැවසීය. තවදුරටත් අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: ‘තම කුඩා පවුල වෙනුවෙන් වියදම් කරන මිනිසාට හිමි ප්‍රතිඵලයට වඩා උතුම් වනුයේ වෙනත් කවර මිනිසෙකුගේ ප්‍රතිඵල ද? අල්ලාහ් ඔහු තුළින් ඔවුන්ට පෝෂණය ලබා දී, ඔවුනට සෙත සලසා දෙයි. තවද ඔවුන් පොහොසත් කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"පස්වාර සලාත් නැමදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා, රමළානයේ සිට රමළානය දක්වා යමෙකු මහා පාපයන්ගෙන් වැළකී සිටියේ නම්, ඒවා අතර සිදුවන දෑ (සුළු පාප) සඳහා, ඒවා ප්‍රතිකර්ම වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.