Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට යමක් පිරිනමන මෙන් ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට දුන්හ. නැවතත් ඉල්ලා සිටියෙමි. එවිට ද දුන්හ. පසුව මා අමතා: අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය. නමුත් කවරෙකු එය ආශාවෙන් තොරව ලබාගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් ලබා ගන්නේද එයින් ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. ඉහළ තිබෙන අත පහළ තිබෙන අතට වඩා උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම්, "මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී' යැයි පැවසීය. පසු කාලීනව අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට එතුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර ලබා ගත් මෙම වස්තූවේ අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමී. එවිට ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත. (මෙයට ඔබලා සාක්ෂි දරන්න) යැයි පැවසුවේය. හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.