Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
“ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දැහැමි සභිකයාට හා නපුරු සභිකයාට උපමාව කස්තූරි උසුලන්නෙකු හා යකඩ කම්මලේ උඳුන පිඹින්නෙකු මෙනි. කස්තූරි උසුලන්නා වනාහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නැතහොත් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේත් නැතහොත් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුත් යකඩ කම්මලේ උඳන පිඹින්නා වනාහි, ඔහු ඔබේ ඇඳුම පුළුස්සා දමයි. එසේ නැතහොත් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඇත්ත වශයෙන්ම, සර්ව බලධාරී, කීර්තිය හිමි අල්ලාහ් නිදන්නේ නැත. නිදා ගැනීමේ අවශ්‍යතාව ද ඔහුට නැත. හිමිවන කොටස ඔහු (ඇතැමුන්ට) පහත් කරයි; (ඇතැමුන්ට) උසස් කරයි. රාත්‍රියේ ක්‍රියාව දහවලේ ක්‍රියාවට පෙර ද දහවලේ ක්‍රියාව රාත්‍රියේ ක්‍රියාවට පෙර ද ඔහු වෙත ආරෝහණය කරනු ලැබේ. ඔහුගේ ආවරණය ආලෝකයයි. - තවත් වාර්තාවක් අනුව, ගින්නයි - ඔහු එය නිරාවරණය කළේ නම්, ඔහුගේ මුහුණේ තේජස ඔහුගේ බැල්ම කවර මැවීමක් වෙත ළඟා වන්නේ ද ඒ සියල්ල පුළුස්සා දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.