Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 68 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"(දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරයා තම යහපත් ගුණාංග තුළින් රාත්‍රියේ නැගිට නැමදුම් කරන, උපවාසය රකින අයකුගේ නිලය ලබනු ඇත."
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මෘදුභාවය යනු, එය යම් කරුණක අලංකාරය වැඩි කරනු මිස නැත. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්දාව මිස නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් සිය පෙරවදනේ මෙය වාර්තා කර ඇත.
"සැබැවින්ම අල්ලාහ් සියලු කරුණුවලට යහපත ලියා ඇත. එබැවින් ඔබ මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට මරණ දඬුවම විධිමත්ව ක්‍රියාත්මක කරන්න. ඔබ සත්වයකුගේ ගෙල සිඳන විට ගෙල සිඳීම විධිමත්ව ඉටු කරන්න. තවද ඔබ අතරින් කෙනෙකු තම ආයුධය හොදින් මුවහත් කර ගත යුතුය. ඔහු ගෙල සිඳිනු ලබන සත්වයා කපා නිදහස් කළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.