Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 8 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අප අතර නැගිට හදවත් සසල කළ, ඇස්වලින් කඳුළු වැගිරවූ චතුරාර්ය උපදෙසක් අපට දේශනා කළහ. එවිට 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශනා කළෙහිය. එබැවින් ඔබ අපට ප්‍රතිඥාවක් දෙන්නැයි' පවසනු ලැබීය. එවිට එතුමාණෝ "ඔබ සැම අල්ලාහ්ට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළු ජාතික) ඉතියෝපියානු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගැටුම් දකිනු ඇත. එහෙයින් ඔබ මාගේ සුන්නාව හා යහමඟ ලැබූ 'අල්-කුලෆාඋර් රාෂිදූන් හෙවත් (ප්‍රධාන) පාලකයින්ගේ සුන්නාව පිළිපදිනු. ඒවා පුරස්චාර්වක දත්වලින් අල්ලා ගනු. අලුතින් ඇති කරන සෑම කරුණක්ම නොමඟය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මා සවන් දෙන සෑම දෙයක්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ඒවා සටහන් කර ගන්නෙකු ව සිටිමි. එවිට කුරෙයිෂ්වරු මා වළක්වා මෙසේ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණන් කෝපයෙහි හා සතුටෙහි සිටින විට කතා කරන මිනිසෙකු ලෙස සිටිය දී අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් සවන් දෙන සෑම කරුණක්ම ඔබ ලියන්නෙහි ද? පසුව මම ලිවීම නතර කළෙමි. ඒ ගැන මම අල්ලාහ්ගේ දූතයාණන් වෙත සැළ කර සිටියෙමි. එවිට එතුමාණෝ තම ඇගිල්ල තම කට දෙස පෙන්වා "ඔබ ලියන්න මාගේ ප්‍රාණය කවරෙකු අතෙහි ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මින් සත්‍යය මිස වෙනත් කිසිවක් පිට වන්නේ නැත" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු තම නිදියහනේ වැතිර සිටිය දී ඔහු වෙත මා ගැන හදීසයක් ළඟා විය හැකි නොවේ ද. එවිට ඔහු අප අතර හා ඔබ අතර අල්ලාහ්ගේ ග්‍රන්ථය" ඇත. එහි අපි කවර කරුණක් 'හලාල්' -අනුමත- යැයි දැක ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරාම්' -තහනම්- යැයි දැක ඇත්තේ ද එයි අපි තහනම් කර ගත්තෙමු. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලාහ් තහනම් කළා හා සමානය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි හා ඉබ්නු මාජා යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් සිය පෙරවදනේ මෙය වාර්තා කර ඇත.
"අල්ලාහ් පිළිබඳ මතකයෙන් පසුවන මෙන් ද, වහලෙක් ඔබ කෙරෙහි නායකත්වය දැරුව ද ඔහුට සවන් දී අවනත වන මෙන් ද, මම ඔබ සැමට උපදෙස් දෙමි. මගෙන් පසුව කවරෙකු ඔබ අතරින් ජීවත් වන්නේ ද ඔහු බොහෝ මතභේද දකිනු ඇත. එබැවින් මාගේ පිළිවෙත හා ඍජු ලැබූ යහමග පෙන්වන ප්‍රධාන පාලකයින්ගේ පිළිවෙත ද පිළිපදින්න. චාර්වක දත්වලින් ඒවා තදින් අල්ලා ගන්න. කරුණු අතරින් නිර්මාණ කරන ලද නවක දැයින් වැළකී සිටින්න. නිර්මාණ කරන ලද සෑම නවෝත්පාදනයක්ම මුලාවකි."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
"මාගේ සමූහයාගේ අවසන් කාලයේ නුඹලා හෝ නුඹලාගේ මුතුන්මිත්තන් හෝ සවන් නොදුන් දෑ නුඹලාට පවසා සිටින පිරිසක් මතු බිහිවනු ඇත. එබැවින් නුඹලා වැළකී සිටිනු. ඔවුන් ද වැළකී සිටිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මා ගැන එක් වාක්‍යයක් හෝ වේවා, එය නුඹලා දැනුවත් කරන්න. ඉස්රාඊල් දරුවන් ගැන කතා කරන්න, වරදක් නැත. නමුත් කවරෙකු උවමනාවෙන්ම මා කෙරෙහි බොරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනිත්වා."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.