Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කවරෙකු අල්ලාහ් වෙනුවෙන් හජ් වන්දනාව ඉටු කර, අසභ්‍ය ක්‍රියාවක් හෝ නොමනා ක්‍රියාවක් හෝ සිදු නොකළේ ද ඔහු නැවත හැරී එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.