Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කාන්තාවක් තම ස්වාමිපුරුෂයා හෝ මහ්රම් අයකු සමඟ හැර දින දෙකක දුර ගමනක් නොයා යුතුය. දින දෙකක උපවාසයේ නිරත නොවිය යුතුය. එනම්: අල්-ෆිත්ර් (උත්සව දින) සහ අල්-අළ්හා (උත්සව දින). සුබ්හු සලාතයෙන් පසු ඉර උදාවන තුරු හෝ අසර් සලාතයෙන් පසු ඉර බැස යන තුරු සලාතයක් නොකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හැර විශේෂ වන්දනා ගමනක් නොකළ යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ අන්සාරි කාන්තාවකට මෙසේ පැවසූහ. ඇගේ නම ඉබ්නු අබ්බාස් තුමා සඳහන් කළ නමුත් ඇගේ නම මට අමතක වී ඇත. "අප සමග හජ් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද?" ඇය, "අපට ඔටුවන් දෙදෙනකු හැර වෙනත් කිසිවක් නොවීය. ඇගේ දරුවාගේ පියා හා ඇගේ දරුවා එක් ඔටුවකු මත හජ් වන්දනාව ඉටු කිරීම සඳහා ගොස් ඇති අතර එක් ඔටුවකු ජලය සැපයීම සඳහා අප වෙනුවෙන් අත්හැර දමා ගොස් ඇත" යැයි පැවසුවාය. එතුමාණෝ: "එසේ නම් රමළාන් මස පැමිණි විට ඔබ උම්රා කරන්න. සැබැවින්ම එහි උම්රාවක් ඉටු කිරීම හජ් වන්දනයකට සමාන වන්නේය." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය බුහාරි හා අබූ දාවූද් විසින් දන්වා ඇත. මෙහි සඳහන් වදන් පෙළ ඉමාම් අබූ දාවුද් සතුය.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ක්‍රියාවන් අතරින් ජිහාද් කිරීම ශ්‍රේෂ්ඨතම ක්‍රියාව ලෙස අපි දකිමු. එහෙයින් අපි ජිහාද් කළ යූතු නොවේ ද?" යැයි විමසුවාය. එතුමාණෝ: "එනමුත් ශ්‍රේෂ්ඨතම ජිහාද් වනුයේ පිළිගනු ලබන අයුරින් ඉටු කරනු ලබන හජ් වන්දනාවය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්ලාහුම්ම ලබ්බයික්, ලබ්බයික් ලාෂරීක ලක ලබ්බයික්. ඉන්නල් හම්ද, වන්නිඃමත, ලක වල් මුල්ක් ලාෂරීක ලක්.” යන්නයි. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සැබැවින්ම සියලු ප්‍රශංසා ද, භාග්‍යයන් ද, පාලනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොමැත.) අබ්දුල්ලාහ් ඉබ්නු උමර් ඊට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වසඃදයික් වල් කඃයිරු බියදයික් ලබ්බයික් වර්රුග්බාඋ ඉලයික වල් අමලු” යැයි පැවසීය. (තේරුම: යා! අල්ලාහ්, ඔබ අසලට පැමිණියෙමි. ඔබ අසලට පැමිණියෙමි. යහපත පතා පැමිණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පැමිණියෙමි. ඔබ වෙත කැමැත්තෙන් පැමිණියෙමි. සියලු ක්‍රියාවන් ඔබ වෙතය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකුට (හජ් සමයේ) කපන්නට කැප කළ සත්වයකු සිටීද, ඔහු දුල් හජ් මාසයේ නව සඳ උදා වූ විට තම රෝම හෝ තම නියපොතු කිසිවක් උල්හිය්යා දෙන තෙක් ඉවත් නොකළ යුතුය.“
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නියත වශයෙන්ම එතුමා හජර් අල් අස්වද් (හෙවත් කඃබාවෙහි තැන්පත් කොට ඇති ගල) වෙත පැමිණ එය සිප ගෙන ‘නියත වශයෙන්ම ඔබ ගලක් බව මම මැනවින් දනිමි. හිංසාවක් කිරීමට හෝ යහපතක් ගෙන දෙන්නට හෝ ඔබට නොහැකි ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔබ ව සිප ගනු මා නොදුටුවේ නම් මම ඔබ සිප නොගනිමි." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.