Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 27 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදි‌යෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදි‌යෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට අවසන් (භාගයේ) හත් වන දිනයේ කද්ර් රාත්‍රිය සිහිනෙන් පෙන්වන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ “නුඹලාගේ සිහිනයම මම ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. උපවාසයේ නිරත වූවෝ කොහේදැයි? විමසනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් එහි ඇතුළු වූ පසු එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු උපවාසයේ නිරත ව සිටිය දී අමතක වී ආහාර අනුභව කළේ නම් හෝ ජලය පානය කළේ නම් හෝ ඔහු ඔහුගේ උපවාසය පූර්ණ කළ යුතුය. සැබැවින්ම එසේ ඔහුට ආහාර හා ජලය සපයනුයේ අල්ලාහ් ය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුත්‍රයාගේ සෑම ක්‍රියාවක්ම ඔහු වෙනුවෙනි. නමුත් උපවාසය හැර. සැබැවින්ම එය මා වෙනුවෙන් වූවකි. ඒ සඳහා ප්‍රතිඵල මා විසින්ම පිරිනමමි. උපවාසය පලිහකි. නුඹලා අතරින් කිසිවකුගේ උපවාස දිනය වී නම්, ඔහු අසභ්‍ය ලෙස නොහැසිරිය යුතුය. මහා හඬින් (නොමනා ලෙස) කතා නොකළ යුතුය. කිසිවකු ඔහුට බැණ වැදුණේ නම් හෝ ඔහු සමග රණ්ඩුවට පැමිණියේ නම් හෝ ‘සැබැවින්ම මම උපවාසයේ නිරතවන්නෙක්මි’ යැයි පැවසිය යුතුයි. මුහම්මද්ගේ ප්‍රාණය කවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසමි. උපවාසය රකින්නාගේ මුවින් හමන දුගඳ අල්ලාහ් අබියස කස්තූරිවලට වඩා සුවඳැතිය. උපවාසය රකින්නාට සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපවාසයෙන් මිදෙන විට ඇති වන සතුට හා තම පරමාධිපති හමුවන විට තමන්ගේ උපවාසය පිළිබඳ දැනෙන සතුටයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.