Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 97 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (49)
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අදාන් පවසා සලාතයට ඇරයුම් කරන උදවිය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිනිසුන් අතර වඩාත් දිගු බෙලිවලින් යුක්ත අය වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලාතය අත්හැර දැමීමය." ‍
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ දෙවියනි, මාගේ මිනීවළ ස්මාරකයක් බවට පත් නොකරන්න. තම නබිවරුන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලාහ් ශාප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් මෙසේ විමසා සිටියේය. මම නියම කරන ලද සලාත් ඉටු කර, රමළාන් මාසයේ උපවාසයේ නිරත වී, අනුමත දෑ මම අනුමත කරමින් ද තහනම් දෑ තහනම් කමින් ද කටයුතු කර ඊට වඩා කිසිවක් මා අමතරව ඉටු නොකළේ නම්, මට ස්වර්ගයට පිවිසිය හැකි වන්නේ ද? එතුමාණෝ "එසේය." යැයි පැවසූහ:
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මස්ජිදයේ සිටිය දී ගැමි අරාබිවරයකු පැමිණ සිටගෙන මස්ජිදයේ මූත්‍රා කරන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන්ගේ සහගාමීහු: "හෝ ! හෝ !" යැයි කෑ ගැසූහ. අල්ලාහ්ගේ දූතයාණෝ: "ඔහුව නොවළක්වන්න. ඔහුව අත්හැර දමන්න" යැයි පැවසූහ. ඔහු මූත්‍රා කරන තෙක් ඔවුහු ඔහුව අත්හැර දැමූහ. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඔහු අමතා ඔහුට මෙසේ පැවසූහ: "සැබැවින්ම මෙය දේවස්ථානයයි. මූත්‍රා කිරීම වැනි දෙයක් හෝ අපවිත්‍ර දෙයක් හෝ මෙහි සිදු කිරීම සුදුසු නැත. සැබැවින්ම මෙය සර්වබලධාරී අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහාත් සලාත් ඉටු කිරීම සඳහාත් අල්-කුර්ආනය පාරායනය කිරීම සඳහාත් වන ස්ථානයකි." අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පවසා සිටි අතරම එම පිරිසේ සිටි මිනිසෙකුට ජල බදුනක් ගෙන එන්නට නියෝග කර එහි වක් කරන මෙන් අණ කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සලාත් ඉටු කරන්නෙකු ඉදිරිපිටින් ගමන් කරන පුද්ගලයා තමා දරන වරදෙහි තරම දැන සිටියේ නම්, ඔහු ඉදිරියෙන් ගමන් කිරීමට වඩා හතළිහක් සිටගෙන සිටීම ඔහුට උතුම් වනු ඇත.” අබු අන්-නද්ර් මෙසේ පැවසීය: 'එතුමාණන් දින මාස හෝ අවුරුදු හතළිහක් කීවාදැ?යි මම නොදනිමි' යැයි පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.