Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 11 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"කවරෙකු සෑම අනිවාර්යය සලාතයෙන් පසු ආයතුල් කුර්සී පාරායනය කළේ ද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන්නසාඊ කුබ්රා නමැති ග්‍රන්ථයේ වාර්තා කර ඇත.
"සැබැවින්ම අප හා ඔවුන් අතර පවතින ගිවිසුම සලාතයයි. එහෙයින් කවරෙකු එය මඟ හැරියේ ද සැබැවින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ, ඉබ්නු මාජා සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දිනක් අපට ෆජ්ර් සලාතය මෙහෙයවා "මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්නෝය. නැවතත් මේ පුද්ගලයා සහභාගී වූයේ ද? යැයි විමසූහ. ඔවුහු 'නැත' යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ මෙසේ පැවසූහ. "ඇත්තෙන්ම අනෙකුත් සලාත් ඉටු කිරීමට වඩා මෙම සලාත් දෙක ඉටු කිරීම කුහකයන් හට මහත් බරකි. ඒ දෙකෙහි අඩංගු (කුසල්) ඔබ දන්නේ නම්, ඔබට දණින් වැටී බඩගා යාමට සිදු වුවද, ඔබ ඒ දෙක වෙත පැමිණෙනු ඇත. නියතවශයෙන්ම පළමු පේළිය එය මලක්වරුන්ගේ පේළිය මෙන් වන අතර, එහි මහිමය ඔබ දන්නේ නම්, ඒ සඳහා යුහුසුළු වනු ඇත. නියත වශයෙන්ම මිනිසෙකු තවත් මිනිසෙකු සමඟ කරන සලාතය ඔහු තනිව ඉටු කරන සලාතයට වඩා පිරිසිදු ය. තවද මිනිසුන් දෙදෙනෙකු සමඟ ඔහු ඉටු කරන සලාතය මිනිසෙකු සමග ඉටු කරන සලාතයට වඩා පිරිසිදුය. මිනිසුන් වැඩි වන තරමට එය සර්ව බලධාරී අල්ලාහ් වෙත වඩාත් ප්‍රිය මනාප වේ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත මරණය ළඟා වූ අවස්ථාවේ එතුමාණන් පවසා සිටි අන්තිම කැමැත්තෙහි පොදුවේ දක්නට ලැබූ ප්‍රකාශය වූයේ "සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!, සලාතය, ඔබේ දකුණත හිමිකර ගත් උදවිය!" යන්නය. එලෙස එතුමාණන්ගේ පපුවේ ගැස්ම උගුරට එන තෙක්ම එසේ සිදු කළහ. එතුමාණන්ගේ දිව ඒ බව උච්චාරණය කිරීමට නොහැකි තරම් විය.
පූර්ව සාධක සහිත හදීසයකි. رواه النسائي في السنن الكبرى وابن ماجه
"මස්ජිද්වල මිනිසුන් එකිනෙකා අලංකාරය ප්‍රදර්ශනය කර ගන්නා තෙක් අවසන් හෝරාව පැමිණෙන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"තිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබීය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු, ළඳරුවා වැඩිවියට පත් වන තුරු, උන්මත්තකයා සිහිබුද්ධිය ලබන තුරු"
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අස්සුනන් අල්කුබ්රා හි වාර්තා කර ඇත. තවද මෙය ඉමාම් ඉබ්නු මාජහ් සහ අහ්මද් යන ඉමාම්වරුන්ද වාර්තා කර ඇත.
"කවරෙකු නොසැලකිලිමත්කමින් ජුමුආ සලාත් වාර තුනක් මඟ හැරියේ ද අල්ලාහ් ඔහුගේ හදවත මත මුද්‍රා තබනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.