Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
එතුමා අතා ඉබ්නු අබී රබාහ් තුමාට මෙසේ කීවේය: “මම ඔබට ස්වර්ගයේ වැසියන්ගෙන් කාන්තාවක් පෙන්වන්නද?” හෙතෙම: ‘එසේය.’ යැයි පැවසීය. එතුමා: මෙසේ කීවේය: “මේ කළු කාන්තාව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මෙසේ පැවසුවාය: ‘මම අපස්මාරයෙන් පෙළෙන අතර, (එහි ප්‍රතිඵලයක් ලෙස) මගේ ශරීරය නිරාවරණය වේ. එබැවින් ඔබ මා වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටින්න.’ එතුමාණෝ ඇයට මෙසේ කීහ: ‘ඔබ කැමති නම්, ඉවසිලිවන්ත වන්න, එවිට ඔබට ස්වර්ගය හිමි වනු ඇත. නැතහොත්, ඔබ කැමති නම්, ඔබව සුව කරන ලෙස මම අල්ලාහ්ගෙන් අයැද සිටිමි.’ ඇය මෙසේ පැවසුවාය: ‘මම ඉවසිලිවන්තව සිටිමි.’ පසුව ඇය මෙසේ පැවසුවාය: ‘නමුත් මම නිරාවරණය වෙමි, එබැවින් මා නිරාවරණය නොවන්නට අල්ලාහ්ගෙන් ඔබ අයැද සිටින්න.’ පසුව එතුමාණෝ ඇය වෙනුවෙන් අයැද සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උක්ල් හෝ උරයිනා (ගෝත්‍රයේ) මිනිසුන් පිරිසක් පැමිණියෝය. මදීනාවේ කාලගුණය ඔවුනට ගැළපුනේ නැත. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔටු කිරි දොවන්නෙකු කැඳවා උන්ගේ මූත්‍රා හා උන්ගේ කිරි පානය කරන්නට දෙන මෙන් නියෝග කළහ. පසුව ඔවුහු එහි ගියහ. ඔවුහු නිරෝගීභාවය ලැබූ කල්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ එඬේරාව මරා දමා සියලුම ඔටුවන් දක්කාගෙන ගියහ. දහවල් ආරම්භයේ මෙම පුවත පැමිණි විට, ඔවුන් පසුපසින් ලුහුබැද යන්නට පිරිසක් යැවූ අතර මධ්‍යහ්න වන කල්හි, ඔවුන්ව රැගෙන එන ලදී. පසුව ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද කපා දැමීමට එතුමාණෝ නියෝග කළහ. ඔවුන්ගේ ඇස්වලට හංවඩු ගසා හිරු අව්වට දමන ලදී. ඔවුන් ජලය ඉල්ලා සිටිය ද ඔවුනට එය සපයනු ලැබුවේ නැත. අබූ කිලාබා තුමා මෙසේ පැවසීය: මොවුන් සොරකම් කර ඇත. ඝාතනය කර ඇත. මොවුන් දේවත්වය විශ්වාස කළ පසු එය ප්‍රතික්ෂේප කර ඇත. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කර ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම ජිබ්රීල් තුමා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ මුහම්මද්! ඔබ පැමිණිලි කර සිටියෙහි ද?" යැයි විමසීය. එවිට එතුමා "එසේය" යැයි පැවසූහ. එවිට ඔහු: "بِسْمِ الله أرْقِيكَ، مِنْ كُلِّ شَيْءٍ يُؤْذِيكَ، مِنْ شَرِّ كُلِّ نَفْسٍ أَوْ عَيْنِ حَاسِد، اللهُ يَشْفِيك، بِسمِ اللهِ أُرقِيك "බිස්මිල්ලාහි උර්කීක මින් කුල්ලි ෂෙය්ඉන් යුඃදීක මින් ෂර්රි කුල්ලි නෆ්සින් අව් අය්නි හාසිදින් අල්ලාහු යෂ්ෆීක බිස්මිල්ලාහි උර්කීක" (තේරුම: අල්ලාහ්ගේ නාමයෙන්, සෑම ආත්මයකම නපුරින් හා ඊර්ෂ්යා කරන්නාගේ ඇස්වහින් ඔබට උවදුරු ඇති කරන සියලු දැයින් මම ඔබට ආරක්ෂාව පතමි. අල්ලාහ්ගේ නාමයෙනි, මම ඔබට ආරක්ෂාව පතමි. යැයි පැවසූහ.)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබේ ශරීරයේ වේදනාව දැනෙන තැන ඔබේ අත තබා "බිස්මිල්ලාහ්" යනුවෙන් තුන් වරක් පවසන්න. පසුව أَعُوذُ بِاللهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ وَأُحَاذِرُ (මට වැළඳී ඇති දැයින් ද මා පත්ව ඇති විපත්තියෙන්ද අල්ලාහ්ගේ බලය තුළින් මා ආරක්ෂාව ඔහුගෙන් පතමි.) යැයි සත් වරක් පවසන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) රෝගියකුගේ සුවදුක් විමසීමට පැමිණි විට, එතුමාණෝ ඔහුට මෙසේ ප්‍රාර්ථනා කරන්නට වූහ: أَذْهِبِ الْبَاسَ، رَبَّ النَّاسِ، وَاشْفِ أَنْتَ الشَّافِي، لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ، شِفَاءً لَا يُغَادِرُ سَقَمًا "අද්හිබිල් බඃස රබ්බන් නාසි, වෂ්ෆි අන්තෂ්-ෂාෆී, ලා ෂිෆාඅ ඉල්ලා ෂිෆාඋක, ෂිෆාඅ ලා යුගාදිරු සකමා" (අහෝ මිනිසුන්ගේ පරමාධිපතියාණනි! දුෂ්කරත්වය ඉවත් කරනු මැනව ! සුවය දෙනු මැනව ! සුවය දෙන්නා ඔබය. ඔබේ සුවයෙන් තොරව කිසිදු සුවයක් නැත. එය රෝගීභාවය අත්හැර නො දමන සුවයකි.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.” යැයි පැවසූහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දැ?යි අපේක්ෂාවෙන් ඔවුන්ගේ රාත්‍රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: "අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?"යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්‍රකාශ කරන ලදී. පසුව එතුමාණෝ ඔහු වෙත පිරිසක් යවා, ඔහුව ගෙන්වා ගෙන, ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධජය පිරිනැමූහ. එවිට අලී තුමා, "අල්ලාහ්ගේ දූතයාණනි! අප මෙන් ඔවුන් ද පත්වන ‌තුරු මම ඔවුන් සමග සටන් කරමි" යැයි පැවසීය. එවිට එතුමාණෝ, "ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.