Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය නසාඊ අල්කුබ්රාහි වාර්තා කර ඇති අතර ඒ අර්ථයෙන්ම යුත් හදීසයක් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත. එමෙන්ම අහ්මද් ද මෙය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම දකුණතින් රත්‍රන් ද තම වම් අතින් සේද ද රැගෙන සිටිනු මම දුටුවෙමි. පසු ව ඒ දෙක අතැති ව එතුමාණන් තම දෑත් ඔසවා මෙසේ පැවසීය: "මේ දෙක මගේ උම්මාවේ පිරිමින්ට තහනම්ය. ඔවුන්ගේ ගැහැණුන්ට අනුමතය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්‍ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ. එනම්: “නියත වශයෙන්ම සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය. අපි ඔහුගෙන් උදව් පතමු. ඔහුගෙන් සමාව අයැදිමු. අපගේ ආත්මාවන්හි නපුරුකම්වලින් ආරක්ෂාව ඔහුගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. නැමදුමට සුද්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.” “අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා, එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” (සූරා අන්-නිසා: 1) “අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.” (ආලු ඉම්රාන්: 102) "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්‍රකාශයෙන් ප්‍රකාශ කරනු. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය. (අල්-අහ්සාබ් 70-71)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ප්‍රතිඥා දෙනු පිණිස මම අන්සාරි කාන්තාවන් සමග පැමිණියෙමි. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ්ට කිසිවක් අපි හවුල් නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නො හැසිරෙන බවටත්, අපගේ අත් හා අපගේ පාද අතර අපි යමක් ගොතා බොරු සාක්ෂි නොගෙනන බවටත් යහපත් කටයුත්තක දී අපි ඔබට පිටු නොපාන බවටත් අපි ඔබට ප්‍රතිඥා දෙන්නෙමු." යැයි පැවසුවෙමු. එතුමාණෝ: "එය ඔබට හැකි හා පුළුවන් කටයුතුවල දී" යැයි පැවසූහ. ඇය: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අප කෙරෙහි වඩාත් කාරුණිකය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එන්න, අපි ඔබට ප්‍රතිඥා දෙන්නම්" යැයි පැවසුවෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "සැබැවින්ම මම කාන්තාවන්ට අතට අත නොදෙමි. කාන්තාවන් සිය දෙනෙකු සඳහා වන මාගේ ප්‍රකාශය එක් කාන්තාවක් සඳහා වන මාගේ ප්‍රකාශය මෙනි." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.