عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
"උපවාසය, සලාතය සහ දානයට වඩා උතුම් දේ මම ඔබට දැනුම් දෙන්න ද?" ඔවුහු: "එසේය" යැයි පැවසූවෝය. එතුමාණෝ : "එකිනෙකා අතර සාමය ඇති කිරීමය. මක්නිසාද යත් එකිනෙකා අතර පවතින සබඳතා පළුඳු කිරීම සැබවින්ම හාලිකා (විනාශය) වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"කවර හෝ කාන්තාවක් ඇයගේ භාරකරුවාගේ අනුමැතියෙන් තොරව විවාහ වූවා ද ඇයගේ විවාහය වලංගු නැත යැයි තුන්වරක් පවසා, ඇය සමග පහස විද ඇති බැවින් ඇයට පිරිනමන ලද විවාහ ත්යාගය ඇය සතු වේ. භාරකරුවන් ගැටලු ඇති කර ගත්තේ නම් භාරකරුවකු නොමැති වන අයට භාරකරු වනුයේ පාලකයා ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අවශ්ය කටයුත්තක දී කළ යුතු දේශනාව පිළිබඳ අපට ඉගැන්වූහ. එනම්: “නියත වශයෙන්ම සියලු ප්රශංසා අල්ලාහ් සතුය. අපි ඔහුගෙන් උදව් පතමු. ඔහුගෙන් සමාව අයැදිමු. අපගේ ආත්මාවන්හි නපුරුකම්වලින් ආරක්ෂාව ඔහුගෙන් පතමු. අල්ලාහ් කවරෙකුට යහමග පෙන්වන්නේ ද ඔහුව නොමග යවන්නෙකු නැත. අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වන්නෙකු නැත. නැමදුමට සුද්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැති බව මම සාක්ෂි දරමි. එමෙන්ම සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බව ද මම සාක්ෂි දරමි.” “අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා, එයින් එහි කළත්රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේ ඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” (සූරා අන්-නිසා: 1) “අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.” (ආලු ඉම්රාන්: 102) "අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බැතිමත් වනු. තවද නිවැරදි ප්රකාශයෙන් ප්රකාශ කරනු. නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්රහණයකින් ජය ලැබුවේය. (අල්-අහ්සාබ් 70-71)
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට ප්රතිඥා දෙනු පිණිස මම අන්සාරි කාන්තාවන් සමග පැමිණියෙමි. පසුව අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අල්ලාහ්ට කිසිවක් අපි හවුල් නොකරන බවටත්, සොරකම් නොකරන බවටත්, කාමයේ වරදවා නො හැසිරෙන බවටත්, අපගේ අත් හා අපගේ පාද අතර අපි යමක් ගොතා බොරු සාක්ෂි නොගෙනන බවටත් යහපත් කටයුත්තක දී අපි ඔබට පිටු නොපාන බවටත් අපි ඔබට ප්රතිඥා දෙන්නෙමු." යැයි පැවසුවෙමු. එතුමාණෝ: "එය ඔබට හැකි හා පුළුවන් කටයුතුවල දී" යැයි පැවසූහ. ඇය: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් අප කෙරෙහි වඩාත් කාරුණිකය. අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එන්න, අපි ඔබට ප්රතිඥා දෙන්නම්" යැයි පැවසුවෙමු. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: "සැබැවින්ම මම කාන්තාවන්ට අතට අත නොදෙමි. කාන්තාවන් සිය දෙනෙකු සඳහා වන මාගේ ප්රකාශය එක් කාන්තාවක් සඳහා වන මාගේ ප්රකාශය මෙනි." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.