Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 1 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

අලී ඉබ්නු අබූ තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ‌යෙමනයේ සිට පදම් කරන ලද හම් මල්ලක රන් කැබැල්ලක් එවා සිටියේය. එම රන් කැබැල්ල පසින් පිරිසිදු කර තිබුණේ නැත. පසුව ඔහු මෙසේ පැවසීය. "එතුමාණෝ එය සිව්දෙනෙකු අතර බෙදා දුන්හ. ඒ අනුව උයෙයිනා ඉබ්නු බද්ර්, අක්රඃ ඉබ්නු හාබිස්, සෙයිදුල් හඃයිල් අතර හා සිව්වැන්නා ලෙස අල්කමා හෝ ආමිර් ඉබ්නු තුෆෙයිල් අතර බෙදා හැරියහ. එවිට එතුමාණන්ගේ සගයින් අතරින් මිනිසෙක් "මොවුන්ට වඩා අපි මෙය ලබන්නට සුදුස්සෝ වෙමු" යැයි පැවසීය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබුණි. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "උදේ සවස අහසේ පුවත් මා වෙත ගෙන එන අහසේ සිටින අය සමග මා විශ්වාසනීය ලෙස සිටිය දී නුඹලා මා ගැන විශ්වාස නොකරන්නෙහු ද?" ඔහු මෙසේ පැවසීය: එවිට ඇස් දෙක ඇතුළට නෙරා ගිය, කම්මුල කැපී පෙනෙන, නළල උසින් පිහිටුනු, ඝණ රැවුලක් සහිත, හිස මුඩු කළ, වෙට්ටිය ඔසවා නවා ගත් මිනිසෙකු මෙසේ පැවසීය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ අල්ලාහ්ට බියවන්න." එවිට එතුමාණෝ මෙසේ පැවසීය: "ඔබට විනාශය අත් වේවා! අල්ලාහ් කෙරෙහි වන භක්තිමත්භාවයෙහි පොළෝවාසීන් අතර මා වඩාත්ම සුදුස්සා නොවේ ද?" එතුමා තවදුරටත් මෙසේ පැවසීය: පසුව එම මිනිසා හැරී ගියේය. කාලිද් ඉබ්නු අල්-වලීද් තුමා මෙසේ පැවසීය: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි මා ඔහුගේ ගෙල සිඳ දැමිය යුතු නොවේ ද? එතුමාණෝ "නැත, ඔහු සලාත් ඉටු කරන්නෙකු විය හැක" යැයි පැවසූහ. එවිට කාලිද් තුමා, "තම සිතේ කිසිවක් නැති, තම දිවෙන් පමණක් පවසා සලාතය ඉටු කරන කොපමණ දෙනෙක් සිටිත් ද?" යැයි කීය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයහී වසල්ලම්) මෙසේ පැවසූහ: "මිනිසුන්ගේ හදවත් සෝදිසි කිරීමට මම අණ කරනු නොලැබුවෙමි. ඔවුන්ගේ ඇතුළාන්තය මම විවෘත කර නොබලමි. සැබැවින්ම මා අණ කරනු ලැබුවේ ඔවුන්ගේ කටයුතුවල බාහිරය සැලකිල්ලට ගන්නා ලෙසය." නැවතත්, ඔහු සිටිගෙන සිටිය දී ඔහු දෙස බලා මේ පිළිබඳව එතුමාණෝ මෙසේ පවසන්නට වූහ. "මෙම (මනුෂ්‍යයාගේ) පරම්පරාවෙන් අල්-කුර්ආනය ප්‍රසන්න ලෙස පාරායනය කරන, දිව තෙත්ව ඇති නමුත් එය ඔවුන්ගේ උගුරෙන් ඔබ්බට නොයන ජනතාවක් බිහි වනු ඇත. ඊතලය ගොදුර හරහා ගමන් කරන්නාක් මෙන් ඔවුහු ආගම හරහා ඉක්මනින් ගමන් කරති." එතුමාණෝ මෙය ද පැවසූ බව මම සිතමි. "මම ඔවුන් සොයා ගත්තේ නම්, සමූද්වරුන් මරා දැමූ ආකාරයටම මම ඔවුන්ව ද මරා දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.