Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කවරෙකු සූරා අල්-කහ්ෆ්හි ආරම්භ‌යේ තිබෙන පාඨ දහයක් කටපාඩම් කර ගත්තේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය. තවත් වාර්තාවක සූරා අල්-කහ්ෆ්හි අවසානයේ යැයි සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් එතුමාට මෙසේ පැවසීය: අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කියවන ඔබේ ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. එතුමා ඒ කවර පාඨයක් දැයි විමසා සිටියේය. ඔහු: اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින ඔබට ඔබේ දහම මම පූර් ණවත් කළෙමි. මාගේ ආශිර් වාදයන් ඔබ මත මම සම්පූර් ණ කළෙමි. ඔබ වෙනුවෙන් මම ඉස්ලාමය දහම ලෙස තෝරා ගත්තෙමි." (අල් මාඉදා: 3) යන පාඨය යැයි පැවසීය. උමර් තුමා මෙසේ පැවසීය: "එදිනය මෙන්ම එය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හඳුනමු. එය එතුමාණන්අ ජුමුආ දිනයේ අරෆාහි සිටගෙන සිටියදී පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ගැත්තා 'අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා ප්‍රශංසා කළේය' යැයි පවසයි. ඔහු 'අර්-රහ්මානිර් රහීම්' යැයි පැවසූ විට උත්තරීතර අල්ලාහ්: මාගේ ගැත්තා මා පැසසුමට ලක් කළේය යැයි පවසයි. ඔහු "මාලිකි යව්මිද් දීන්" යැයි පැවසූ විට ඔහු මාගේ ගැත්තා මා කීර් තියට පත් කළේය යැයි පවසයි. තවත් විටෙක මාගේ ගැත්තා මා වෙත පැවරීය යැයි පවසයි. ගැත්තා 'ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන්' යැයි පැවසූ විට, ඔහු මෙය මා හා මාගේ ගැත්තා අතර පවතින්නකි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත. ඔහු 'ඉහ්දිනස් සිරාතල් මුස්තකීම්, සිරාතල්ලදීන අන්අම්ත අලයිහිම් ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්-ළාල්ලීන්' යැයි පැවසූ විට, මෙය මාගේ ගැත්තා සතුය. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත යැයි ඔහු පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අබියස වාඩිවී සිටිය දී තමන්ට ඉහළින් මතු වූ හඬකට සවන් දුන්නේය. පසුව තම හිස ඔසවා මෙසේ පැවසීය: "මෙය අහසින් වූ දොරටුවකි. අද දින එය ඇරී ඇත. අද හැර වෙනත් කිසිදු දිනයක එය ඇරී නැත. ඉන් මලක්වරයකු පහළ විය. එවිට ඔහු: 'මහපොළොව වෙත පහළ වූ මෙම සුරදූතයා අද දින හැර වෙනත් කිසිදු අවස්ථාවක පහළ වී නැත.' පසුව සලාම් පවසා මෙසේ පැවසීය: 'ඔබට පෙර කිසිදු නබිවරයකුට පිරි නොනැමූ ආලෝකයන් දෙකක් පිළිබඳ ශුභාරංචි ලබා ගන්න. එනම් සූරා අල්ෆාතිහාව හා සූරා අල් බකරාහි අවසානයයි. ඒදෙකින් එක් අකුරක් හෝ පාරායනය කළේ නම් එය ඔහුට පිරිනමනවා මිස වෙනකක් නැතැ'යි පවසා සිටියේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
දේවත්වය ආදේශ කරන ජනයා අතරින් පිරිසක් මිනිස් ඝාතන බොහෝ සේ සිදු කරමින් දුරාචාරයේ බොහෝ සේ නිරත වෙමින් සිටියෝය. එබැවින් ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "ඔබ පවසන, ඔබ ඇරයුම් කරන දෑ චමත්කාරය. අපි සිදු කළ දෑ සඳහා ප්‍රතිකර්මය කුමක් දැයි ඔබ අපට දන්වා සිටින්නෙහි නම් මැනව" යැයි විමසා සිටියෝය. එවිට මෙම පාඨය පහළ විය. "තවද ඔවුහු වනාහි අල්ලාහ් සමග තවත් දෙවියකුට අයද නොසිටිති. තවද අල්ලාහ් තහනම් කළ ආත්මය නියමයකින් තොර ව මිස ඔවුහු ඝාතනය නොකරති. තවද කාම අපචාරයේ නිරත නොවෙති..." (අල්-ෆුර්කාන්: 68), "අහෝ තමන් විසින් තමන්ව නසා ගත් මාගේ ගැත්තනි! අල්ලාහ්ගේ කරුණාව ගැන නුඹලා අපේක්ෂා රහිත නොවනු..." (අස්-සුමර්: 53)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"හිරු බටහිරින් උදාවන තෙක් අවසන් හෝරාව උදා වන්නේ නැත. එසේ උදා වූ විට සියලු දෙනාම (දේවත්වය) විශ්වාස කරන මිනිසුන් දකිනු ඇත. එම මොහොත, "කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවේ. මීට පෙර එය විශ්වාස කර සිටියේ නැත. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත." (අල්-අන්ආම්: 158) පුද්ගලයන් දෙදෙනෙකු ඇඳුමක් දිගු හැරිය ද එය ගනු දෙනු කිරීමට හෝ ඔවුන් එය නැවීමට හෝ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිත ව) ක්‍රියාත්මක වනු ඇත. මිනිසෙක් තම ඔටුවාගෙන් කිරි දොවා රැගෙන ගිය ද එය පරිභෝජනය කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව (අනපේක්ෂිතව) ක්‍රියාත්මක වනු ඇත. තම තටාකයට වතුර පිරෙව්ව ද එහි ජලය සැපයීමට නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව සිදුවනු ඇත. ඔබ අතරින් කිසිවකු හෝ තම ආහාර මිටක් ඔසවා ඒවා අනුභව කළ නොහැකි වන තත්ත්වයක අවසන් හෝරාව උදා වනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.