Skip to content

(අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ)

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

“එක් රාත්‍රියක අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) නිදියහනේ දැක ගන්නට නොහැකි වීය. පසුව මම (අතපතගා) එතුමාණන් සොයන්නට ගත්තෙමි. එවිට එතුමාණන් මස්ජිදයේ සිටිය දී එතුමාණන්ගේ දෙපා මැද මාගේ අතට හසු විය. ඒ දෙක සිටුවාගත් තත්ත්වයේ පැවතුනි. එතුමා මෙසේ ප්‍රාර්ථනා කරමින් සිටියහ. اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ (අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ පිළිගැනීම තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද ඔබෙන් පතමි. ඔබ ඔබව ප්‍රශංසා කළ පරිදිම ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට මට නො හැක.ෙ)

فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفِرَاشِ فَالْتَمَسْتُهُ فَوَقَعَتْ يَدِي عَلَى بَطْنِ قَدَمَيْهِ وَهُوَ فِي الْمَسْجِدِ وَهُمَا مَنْصُوبَتَانِ، وَهُوَ يَقُولُ: «اللهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءً عَلَيْكَ أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ පවසා සිටියා ය. "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසළින් නිදාගෙන සිටියෙමි. රාත්‍රියේ දී එතුමාණන්ව මම නොදැක්කෙමි. එවිට කුටියේ එතුමාණන් සලාත් ඉටු කරන ස්ථානය මගේ අතින් මම අතපතගා බැලුවෙමි. එවිට එතුමා තම පාද සිටුවා තබමින් සුජූද් ඉරියව්වෙහි සිටියහ. එවිට එතුමාණෝ මෙසේ පවසා සිටියහ. 'අඌදු' (මම ආරක්ෂාව පතමි) මම ඔබෙන් ඉල්ලමි. 'බිරිළාක මින් සුහ්ඃතික' (ඔබේ තෘප්තිය තුළින් ඔබේ කෝපයෙන් ද) මා වෙත හා මාගේ සමූහයා වෙත 'ව' (තවද) මම ආරක්ෂාව පතමි. 'බිමුආෆාතික' ඔබේ අධික සමාව තුළින් 'මින් උකූබතික' ඔබේ දඬුවමින් ද ආරක්ෂාව පතමි. 'වඅඌදු බික මින්ක' (තවද මම ඔබෙන් ආරක්ෂාව පතමි.) ඔබේ අලංකාර ගුණාංග හා ඔබේ කීර්තිමත් ගුණාංග තුළින්. ඔබෙන් හැර වෙනත් කිසිවකුගෙන් ආරක්ෂාවක් නොමැත. එබැවින් සරණ පතන තැනක් හෝ රැකවරණය ලබන තැනක් හෝ අල්ලාහ් වෙත නැඹුරු වීමෙන් තොරව ලබන්නේ නැත. 'ලා උහ්සී සනාඅන් අලයික' (ප්‍රමාණවත් තරමට මා විසින් ඔබට ප්‍රශංසා කළ නො හැක.) මට නොහැකිය, ඔබේ ආශිර්වාද හා ඔබේ උපාකර ගණන් කිරීමට නොහැකි බැවින් ඒ සඳහා මා උත්සාහ දැරුව ද ඔබට හිමිවිය යුතු පරිදි සංඛ්‍යාවෙන් හා ගණනින් ළඟා විය නොහැක. 'අන්ත කමා අස්නයිත අලා නෆ්සික' ඔබ ගැන ඔබ ප්‍රශංසා කළ පරිදිම ඔබේ ප්‍රශංසාව ඔබට ගැළපෙන අයුරින් පිහිටා ඇත. එබැවින් ඔබට කරන ප්‍රශංසාවේ වගකීම පූර්ණව ඉටු කිරීමට හැකිවන්නේ කාහට ද?

හදීසයෙන් උගත හැකි පාඩම්

සුජූද් ඉරියව්වෙහි මෙම ප්‍රාර්ථනාව උසුරීම උචිතය.

මීරක් තුමා මෙසේ පවසයි: නසාඊ හි එක් වාර්තාවක මෙසේ සඳහන්ව ඇත. එතුමාණෝ තම සලාතය අවසන් කොට තම නිදියහනයට යන විට මෙම ප්‍රාර්ථනාව උසුරා ඇත.

අල්ලාහ්ගේ ගුණාංග තුළින් ඔහුව ප්‍රශංසා කිරීමත් අල්-කුර්ආනයේ හා නබි වදන්හි සහතික කර ඇති ඔහුගේ නම්වලින් ඔහුව ඇමතීමත් සතුටු දායකය.

රුකූඋ හා සුජූද් ඉරියව්වන්හි මැවුම්කරුට ගරුබුහුමන් කිරීමක් මෙහි ඇත.

අල්ලාහ්ගේ ගුණාංග තුළින් ආරක්ෂාව පැතීමේ වලංගුභාවය. එමෙන්ම සුවිශුද්ධ උත්තරීතරයාණන්ගේ පැවැත්ම තුළින් ආරක්ෂාව පැතීමද වලංගු වන්නේය.

කත්තාබී තුමා මෙසේ පවසයි: මෙම ප්‍රකාශයෙහි කරුණා භාවය ද ඇතුළත් වී ඇත. එනම්: අල්ලාහ්ගේ පිළිගැනීම තුළින් ඔහුගේ කෝපයෙන්, හා ඔහුගේ සමාව තුළින් ඔහුගේ දඬුවමින් ද ඔහුගෙන් ආරක්ෂාව පැතීමය. තෘප්තිය හා කෝපය එකිනෙකට විරුද්ධ පද දෙකකි. එමෙන්ම සමාව හා දඬුවම ද එලෙසමය. එහි අර්ථය නම්, අල්ලාහ්ට සිදු කරන නැමදුමේ හා ප්‍රශංසාවේ වගකීම් නිසිලෙස ඉටු කිරීමෙහි අඩුපාඩු සිදු කිරීම නිසාවෙන් පාපක්ෂමාව පැතීමයි. 'ඔබට ප්‍රමාණවත් තරමට ප්‍රශංසා කිරීමට නො හැක' යන වදනෙහි අදහස නම් මම ඒ සඳහා හැකියාව නොදරමි. ඒ වෙත මට ලඟා විය නොහැක යන්නයි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 352) (486).

තවත් බලන්න (8)

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص781).

شرح رياض الصالحين.

لابن عثيمين (5/ 510).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين 2/ 979).

طريق الهجرتين وباب السعادتين.

لابن قيم الجوزية (ص136).