අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබු සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.
«يَا أَبَا سَعِيدٍ، مَنْ رَضِيَ بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، وَجَبَتْ لَهُ الْجَنَّةُ»، فَعَجِبَ لَهَا أَبُو سَعِيدٍ، فَقَالَ: أَعِدْهَا عَلَيَّ يَا رَسُولَ اللهِ، فَفَعَلَ، ثُمَّ قَالَ: «وَأُخْرَى يُرْفَعُ بِهَا الْعَبْدُ مِائَةَ دَرَجَةٍ فِي الْجَنَّةِ، مَا بَيْنَ كُلِّ دَرَجَتَيْنِ كَمَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ»، قَالَ: وَمَا هِيَ يَا رَسُولَ اللهِ؟ قَالَ: «الْجِهَادُ فِي سَبِيلِ اللهِ، الْجِهَادُ فِي سَبِيلِ اللهِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා හට මෙසේ පවසා සිටියහ. "සැබැවින්ම කවරෙකු අල්ලාහ්ව විශ්වාස කොට, ඔහුව පරමාධිපතියාණන්, දෙවිඳාණන්, රජාණන්, නායකයාණන් හා විධායකයාණන් යැයි පිළිගෙන ඉස්ලාමය තමන් පිළිපදින දහම ලෙස පිළිගෙන, එහි ඇති සියලුම නියෝග හා තහනම් දෑට යටත් වී, මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එතුමාණන්ට එවන ලද දෑ හා දන්වා සිටි සියලු දෑ දැනුම් දෙන නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද, ඔහුට ස්වර්ගය සහතික විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පවසා සිටියහ. "මා සතුව තවත් කරුණක් ඇත. එමගින් අල්ලාහ් ගැත්තාව ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." අබූ සඊද් තුමා, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.
අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත් ඉස්ලාමය දහම ලෙසත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් නබිවරයාණන් ලෙස පිළිගැනීම ස්වර්ගයට ප්‍රවේශ වීමට අනිවාර්යය කරනු ඇත.
උත්තරීතර අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමේ කරුණ වැදගත්කොට සැළකීම.
ස්වර්ගයේ ජිහාද් කරන්නකු සතු උසස් නිලය.
ස්වර්ගයේ සීමා කළ නොහැකි තරාතිරම් ඇත. ගණන් කළ නොහැකි නිලයන් ඇත. ජිහාද් කරන මුජාහිද්වරුන් හට එහි තරාතිරම් සියයක් ඇත.
යහපත, එහි කරුණු හා හේතු සාධක දැනගැනීම සඳහා නබි සහගාමීන් තුළ තිබූ කැමැත්ත.
සහීහ් මුස්ලිම් (3/ 1501) (1884).
තවත් බලන්න (6)
نزهة المتقين.
لمجموعة من الباحثين (2/ 910).
بهجة الناظرين.
لسليم الهلالي (3/ 423).
النهاية في غريب الحديث والأثر.
لابن الأثير (5/ 153).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«مَنْ رَضِيَ بِاللهِ رَبًّا، وَبِالإِْسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا، وَجَبَتْ لَهُ الْجَنَّةُ» [44].
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«الجِهادُ في سَبِيلِ الله، الجِهَادُ في سَبِيلِ الله».
- مجموعة زاد التربية الإسلامية (2)1«يَا أَبَا سَعِيدٍ، مَنْ رَضِيَ بالله رَبًّا، وَبِالإِسْلاَمِ دِينًا، وَبِمُحَمَّدٍ نَبِيًّا؛ وَجَبَتْ لَهُ الجَنَّةُ» فعجب لها أبو سعيد فقال: أعِدْها عليَّ يا رسول ﷲ، ففعل.