සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලාත් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය."
«مَنْ صَلَّى الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ»
සිසිල් අවස්ථාවන් දෙකෙහි කරනු ලබන සලාතයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිරි ගැන්වීම. එනම් ෆජ්ර් හා අසර් යන සලාත් දෙකයි. එහි වගකීම ඉටු කිරීම පිණිස නියමිත වේලාවෙහි හා සාමුහිකව ඉටු කිරීම සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතු සාධකයක් වන බව ශුභාරංචි දන්වා සිටියේය.
ෆජ්ර් හා අසර් සලාත් අවධානයෙන් ඉටු කිරීමේ මහිම ය. සැබැවින්ම ෆජ්ර් සලාතය සැපට නින්ද යන අවස්ථාවේ පිහිටා ඇති අතර අසර් සලාතය මිනිසා තම වැඩකටයුතු සඳහා නිරතවන අවස්ථාවේ පිහිටා ඇත. එහෙයින් කවරෙකු ඒ දෙක අවධානයෙන් ඉටු කළේ ද එය සෙසු සලාතයන් සඳහා අවධානය යොමු කිරීමට වඩා වැදගත් වන්නේය.
ෆජ්ර් හා අසර් සලාතයන් "අල්-බර්දයින්" සිසිල් අවස්ථාවන් දෙක යැයි නම් කර ඇත්තේ, ඇත්තෙන්ම ෆජ්ර් සලාතය පිහිටා ඇත්තේ රාත්‍රියේ සිසල පවතින වේලාවේය. අසර් සලාතය පිහිටා ඇත්තේ දහවලේ සිසිල පවතින වේලාවේය. එය උණුසුම් වේලාවක වුව ද ඊට පෙර වේලාවේ පැවති උණුසුමට වඩා අඩු ය. එසේ නැතහොත් හිරුට හා සදුට, සඳු දෙකක් යැයි පවසනු ලබන්නාක් මෙන් අබිබවනය යන විෂය යටතේ නම් කර තිබෙන්නට පුළුවන.
සහීහුුල් බුහාරි (1/ 119) (574).
සහීහ් මුස්ලිම් (1/ 440) (635).
තවත් බලන්න (4)
نزهة المتقين.
لمجموعة من الباحثين (1/ 159).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 187).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من صلى البردين دخل الجنة”.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «مَنْ صَلَّىٰ الْبَرْدَيْنِ دَخَلَ الْجَنَّةَ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«مَن صلَّىٰ البَرْدَيْنِ دَخَلَ الجَنَّةَ».