Skip to content

“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව දිනක් උපවාසය රැක්කේ ද අල්ලාහ් ඔහුගේ මුහුණ අපා ගින්නෙන් වසර හැත්තෑවක් දුරස් කරනු ඇත.”

«مَنْ صَامَ يَوْمًا فِي سَبِيلِ اللهِ بَاعَدَ اللهُ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفًا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන අතරවාරයේ කවරෙකු දිනක් උපවාසයේ නිරත වූයේ ද, තවත් වාර්තාවක අල්ලාහ්ගේ මාර්ගයේ හෝ වෙනත් කටයුත්තක අවංකභාවයෙන් යුතුව අල්ලාහ්ගෙන් කුසල් හා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් උපවාසයේ නිරත වූයේ ද, එවිට සැබැවින්ම අල්ලාහ් තම භාග්‍යය තුළින් ඔහු හා අපා ගින්න අතර වසර හැත්තෑවක දුර ප්‍රමාණයක් දුරස් කරනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

නවවි තුමා මෙසේ පවසයි: අල්ලාහ්ගේ මාර්ගයේ නිරතව සිටිය දී උපවාසය රැකීමේ මහිමය. එය පිළිගනු ලබනුයේ එමගින් හිංසාවක් ඇති නොවන, වගකීම් අතපසු නොවන, යුද්ධයට බාධාවක් ඇති නොවන හා ඔහුගේ අනෙකුත් වැදගත් යුදමය කටයුතුවලට බාධාවක් ඇති නොවන අවස්ථාවකය.

අමතර උපවාසයන්හි නිරත වීම සඳහා උනන්දු කරවා දිරිගැන්වීම.

ඉහ්ඃලාස් හෙවත් චිත්තපාරිශුද්ධිය හා අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කළ යුතුය. මුහුණිච්චාවට හෝ ප්‍රසිද්ධියට හෝ වෙනත් අරමුණක් සඳහා හෝ උපවාසයේ නිරත නොවිය යුතුය.

අස්-සින්දී තුමා මෙසේ පවසයි: (අල්ලාහ්ගේ මාර්ගයේ) යන ප්‍රකාශය වනාහි, එයින් අදහස් කරන්නේ චේතනාව නිවැරදි කිරීම පමණක් විය හැකිය. එසේම ඔහු සටන්කාමියෙකුව සිටියදී උපවාසයේ නිරත වීම ද අදහස විය හැකිය.

ඉබ්නු හජර් තුමා (වසර හැත්තෑවක්) යන ප්‍රකාශය සම්බන්ධව මෙසේ පවසා ඇත. (මෙහි වසර යනුවෙන් අදහස් කිරීමට යෙදී ඇති) අල්-හඃරීෆ් යන පදය සරත් කාලය වේ.‌ මෙහි එමගින් අදහස් කර ඇත්තේ වසර ය. ග්‍රීස්ම කාලය, ශීත කාලය හා වසන්ත කාලය යන කාල සඳහන් කිරීමෙන් තොරව හඃරීෆ් (සරත් කාලය) යනුවෙන් විශේෂයෙන් සඳහන් කර ඇත්තේ එම කාලය පළතුරු හට ගැණෙන ඉතා පිවිතුරු කාලයක් වන බැවිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 26) (2840).

සහීහ් මුස්ලිම් (2/ 808) (1153).

තවත් බලන්න (8)

تيسير العلام.

لعبد الله البسام (ص346).

تنبيه الأفهام شرح عمدة الإحكام.

لابن عثيمين (3/ 465).

الإفهام في شرح عمدة الأحكام.

لابن باز (ص426).

خلاصة الكلام على عمدة الأحكام.

لفيصل آل مبارك (ص162).