Skip to content

අල්ලාහ්ගේ ගැත්තන් ඔහු ව විශ්වාස නොකළ විටෙක ඔවුනට ඔහු දඬුවම් කරනුයේ ඇයි?

محاور التعريف بالإسلام
اليوم الآخر والمصيرالنار
الباب / الفصل
حق الخالق على عباده

السؤال

අල්ලාහ්ගේ ගැත්තන් ඔහු ව විශ්වාස නොකළ විටෙක ඔවුනට ඔහු දඬුවම් කරනුයේ ඇයි?

  1. لماذا يعذب الله عباده إذا لم يؤمنوا به؟

الجواب

ලෝක ස්වාමියා කෙරෙහි විශ්වාසය සහ යටත් වීම අතර වෙනස හඳුනා ගත යුතුය.

ඒ අනුව කිසිවකුට අත් නොහැරිය හැකි ලෝක ස්වාමියා වෙනුවෙන් අපේක්ෂා කරන අයිතිය නම්, ඔහුගේ ඒකීයභාවය පිළිගෙන යටත් වී, කිසිදු හවුල්කරුවෙකු ඔහුට ආදේශ නොකර ඔහුට පමණක් නමස්කාර කිරීමත්, මැවුම්කරු ඔහු පමණක් බවත්, ආධිපත්යය හා නියෝගය ඔහුට පමණක් හිමි බව විශ්වාස කිරීමත් ය. අපි එය පිළිගත්තත් නැතත්, විශ්වාසයේ පදනම මෙයයි (විශ්වාසය ප්රකාශයෙන් සහ ක්රියාවෙන් වන්නකි), අපට වෙනත් විකල්පයක් නැත. ඒ අනුව මිනිසා වගකිව යුතු අතර දඬුවම් කරනු ලැබේ.

යටත් වීමේ විරුද්ධ පැතිකඩ සාපරාධීත්වයයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:

"එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?" (අල්-කලම්: 35)

[318]

අයුක්තිය සම්බන්ධයෙන් ගත් කල, එය ලෝක ස්වාමියා වෙත හවුල්කරුවෙකු හෝ සමානයෙකු හෝ පත් කිරීමයි.

(අල් කලම්: 4)

"එහෙයින් නුඹලා දැන දැන ම අල්ලාහ්ට ආදේශ නොතබනු." (අල්-බකරා: 22) (319)

"විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. තවද ඔවුහු යහමඟ ලද්දවුන් වෙති." (අල්-අන්ආම්: 82) (320)

(අල්-බකරා: 31)

විශ්වාසය යනු පාරභෞතික නියමයකි. එය අල්ලාහ්, ඔහුගේ මලක්වරු, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ ධර්ම දූතවරු හා අවසන් දිනය විශ්වාස කිරීමත් අල්ලාහ්ගේ තීන්දුව හා පෙර නියමය පිළිගැනීමත් අවශ්යය කරයි.

(අල්-අන්ආම්: 103)

“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසුවෝය. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; මහාකරුණාන්විතය.”(අල්-හුජ්රාත්: 14) (321)

සැබැවින්ම ඊමානය (දේවත්වය විශ්වාස කිරීම) යනු තෘප්තිය, පිළිගැනීම සහ සෑහීම යන උසස් හා උදාර නිලයක් සහ තරාතිරමක් සහිත බවත් ඊමානයට එය වැඩිවෙන හා අඩුවෙන නිලයන් සහ තරාතිරම් ඇති බවත් උතුම් වදන් පෙන්වා දෙයි.

පුද්ගලයෙකුගේ හැකියාව සහ ඔහුගේ හදවතේ ඇති අදෘශ්යමාන කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව එක් එක් පුද්ගලයාගෙන් තවත් කෙනෙකුට වෙනස් වන අතර මිනිසුන් සුන්දරත්වයේ සහ තේජසෙහි ගුණාංග පිළිබඳ ඔවුන්ගේ අවබෝධයෙන් සහ තම ස්වාමියා පිළිබඳ දැනුමෙන් කැපී පෙනේ.

(අල්-හුජුරාත්: 6)

මිනිසාට අදෘශ්යමාන දේ පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ ඔහුගේ පටු ආකල්ප නිසා ඔහුට දඬුවම් නොලැබෙනු ඇත. නමුත් අල්ලාහ් මිනිසාට නිරයේ සදාකාලිකත්වයෙන් මිදීමට අවම පිළිගත හැකි මට්ටමට දඬුවම් කරනු ඇත.

අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිගෙන ඔහුට යටත් වීම අනිවාර්ය ය. මැවීම, අණ කිරීම සහ නැමදුම් ලැබීම ඔහුට පමණක් සතුය. එය හැර සෙසු සියලු පාපයන්ට ඔහු කැමති අයට සමාව දෙයි.

මිනිසා ඉදිරියේ වෙනත් තේරීමක් නැත. එක්කෝ දේවත්වය විශ්වාස කිරීම හා ජය ලැබීම එක්කෝ දේවත්වය ප්රතික්ෂේප කිරීම හා පරාජය වීමය. එය විය හැක්කක් හෝ නොවිය හැක්කක් හෝ විය හැක.

"සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත කළ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් (මනංකල්පිත සේ) ගෙතුවේය." (සූරා අන්-නිසා:48) (322)

දේවත්වය විශ්වාස කිරීම යනු අදෘශ්යමාන දෑ හා සම්බන්ධ ප්රශ්නයක් වන අතර නොපෙනෙන දේ හෙළි වූ විට හෝ අවසන් හෝරාවේ සලකුණු දිස් වූ විට නතර වේ.

(අන් නිසා: 111)

"...නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්රයෝජනවත් නොවනු ඇත. මීට පෙර එය විශ්වාස නොකළේය. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු..." (අල්-අන්ආම්: 158) (323)

මිනිසා තම ඊමාන් හෙවත් විශ්වාසයෙන් දැහැමි ක්රියාවන් තුළින් ප්රයෝජන ගැනීමට හා ඔහුගේ යහපත් ක්රියාවන් වැඩි කර ගැනීමටත් අවශ්ය නම්, එය මෙම හෝරාව ආරම්භ වී අදෘශ්යමාන දෑ හෙළිදරව් වීමට පෙර විය යුතුය.

යහපත් ක්රියාවන් නොමැති තැනැත්තා සදාකාලික අපායෙන් මිදීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔහු අල්ලාහ්ට යටත් වී ඔහුගේ ඒකීයත්වය පිළිගෙන, ඔහුට පමණක් නැමදුම් කිරීමෙන් මිස මෙලොව හැර නොයා යුතුය.

ඇතැම් පව්කාරයින්ට තාවකාලික අමරණීයභාවය සිදුවිය හැක. මෙය දෙවියන්ගේ කැමැත්තට යටත් වේ. ඔහු කැමති නම් ඔහු ඔහුට සමාව දෙනු ඇත, ඔහු කැමති නම්, ඔහු ඔහුව නිරා ගින්නට ඇතුල් කරනු ඇත.

"අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු." (ආලු ඉම්රාන්: 102) (324)

ඉස්ලාම් ආගමේ විශ්වාසය වචනයෙන් සහ ක්රියාවෙන් වන්නකි. මන්ද එය අද ක්රිස්තියානි ධර්මයේ ඉගැන්වීම්වල මෙන් විශ්වාසය පමණක් නොවේ. එමෙන්ම අදේවවාදයේ මෙන් ක්රියාව පමණක් නොවේ.

අදෘශ්යමාන දේ විශ්වාස කරන අවධියේ සහ ඉවසීමේ අවධියේ සිදු කරන පුද්ගලයෙකුගේ ක්රියාවන්, මතුලොවෙහි ගුප්ත දෑ නිරාවරණය වී එය දෑසින් දැක බලාගත් අයකු සමඟ සමාන වන්නේ නැත. එමෙන්ම දුෂ්කර හා දුර්වල අවධියේ ඉස්ලාමයේ ඉරණම ගැන නොදැන අල්ලාහ් වෙනුවෙන් ක්රියා කරන අය ඉස්ලාමය දෘශ්යමානව බලවත් සහ ශක්තිමත්ව තිබිය දී අල්ලාහ් වෙනුවෙන් කටයුතු කළ අයට සමාන වන්නේ නැත.

(අල් කුර්ආන්:190)

"...ජයග්රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඔවුනට පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය." (අල්-හදීද්: 10) (325)

ලෝක ස්වාමියා කිසිදු හේතුවක් නොමැතිව දඬුවම් කරන්නේ නැත. ගැත්තාගේ අයිතිවාසිකම් අහෝසි කිරීම හෝ ලෝක ස්වාමියාගේ අයිතිවාසිකම් අහෝසි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු විභාග කරනු ලැබ දඬුවමට ලක් කරනු ඇත.

(අල්-හදීද්: 3)

අපා ගින්නේ සදාකාලිත්වයෙන් මිදීමට අත්හැරිය නොහැකි සත්යයක් ඇත. එනම් "නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නැති බවට මම සාක්ෂි දරමි. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයාණන් හා ඔහුගේ ගැත්තා බවටත් මම සාක්ෂි දරමි. සැබැවින්ම අල්ලාහ්ගේ දූතවරු සැබෑ බවටත් මම සාක්ෂි දරමි. සැබැවින්ම ස්වර්ගය සත්යය බවටත් නිරය සත්යය බවටත් මම සාක්ෂි දරමි." යැයි පවසමින් හා ඒවා ක්රියාවට නංවමින් ලෝක ස්වාමියාට යටහත් වීමය.

අල්ලාහ්ගේ මාර්ගයට බාධා නොකිරීම, අල්ලාහ්ගේ දහම ප්රචාරය වීමට හෝ ඇරයුම් කිරීම හමුවේ පෙනී සිටීමට අදහස් කරන ඕනෑම ක්රියාවකට උර දීම හෝ සහාය දීම.

මිනිසුන්ගේ අයිතීන් උල්ලංඝනය නො කිරීම හෝ විනාශ නො කිරීම හා ඔවුනට අපරාධ නොකිරීම.

මැවීමට හෝ මැවීම්වලට හානි කිරීමෙන් වැළකී සිටීම, ඔහු තමාගෙන් ඈත් වීමට හෝ මිනිසුන්ගෙන් ඉවත් වීමට අවශ්ය වුව ද එලෙසමය.

පුද්ගලයෙකුට බොහෝ යහපත් ක්රියා නොමැති විය හැකි නමුත් ඔහු කිසිවකුට හානියක් හෝ තමාට හෝ මිනිසුන්ට නපුරක් ගෙන දෙන ක්රියාවක නිරත වී නැතිනම් එමෙන්ම ඔහු අල්ලාහ්ගේ ඒකීයභාවයට සාක්ෂි දරයි නම් ඔහුට අපා ගින්නේ දඬුවමින් ආරක්ෂාව අපේක්ෂා කරනු ලැබේ.

"නුඹලා (අල්ලාහ්ට) කෘතවේදී වී විශ්වාස කළේ නම් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනුයේ ඇයි? තවද අල්ලාහ් කෘතවේදීය; සර්වඥානීය." (අන්-නිසා: 147) (326)

මිනිස් වර්ගයා මෙලොවෙහි දී ඔවුන් කරන ක්රියාවන් සාක්ෂියේ ලෝකයෙන් ආරම්භ කර අවසන් හෝරාව එළැඹෙන තුරුත්, අදෘශ්යමාන ලෝකය එළිදරව් වනතුරුත්, පරලොව ගණන් බැලීමේ ආරම්භය පැමිණෙන තුරුත් තරාතිරම සහ උපාධි අනුව වර්ගීකරණය කරනු ලැබේ. උතුම් හදීසයේ සඳහන් වන පරිදි ජනයා අතර මතුලොවෙහි අල්ලාහ් පරීක්ෂාවට ලක් කරනු ලබන අය වෙති.

ලෝකාධිපති සෑම මිනිසෙකුටම තමන් කළ ක්රියාවන්ට හා අයහපත් ක්රියාවන්ට අනුව දඩුවම් දෙනු ඇත. එක්කෝ ඒවා මෙලොවදීම කල් ඇතිව පිරිනමයි. නැතිනම් පරලොව වෙනුවෙන් ප්රමාද කරයි. මෙය ක්රියාවෙහි බරපතලකම, පාපක්ෂමාව, බවභෝග පරම්පරාව සහ අනෙකුත් ජීවීන් කෙරෙහි යොදන බලපෑම හා හානියේ තරම මත රඳා පවතී.

නූහ්, හූද්, සාලිහ්, ලූත් යන නබිවරුන්ගේ සමූහයන් වැනි පෙර ඉකුත්ව ගිය ජන සමූහයන්, ෆිර්අවුන් සහ දූතයින් බොරු කළ අනෙකුත් ජන සමූහයන් වනාහි, ඔවුන්ගේ නින්දා සහගත ක්රියාවන් සහ ඔවුන්ගේ කුරිරුකම් නිසා අල්ලාහ් මෙලොව දීම ඔවුන්ගේ දඬුවම් ඉක්මන් කළේය. ඔවුන් ඉන් දුරස් වූයේ හෝ ඔවුන්ගේ නපුර නතර කළේ හෝ නැත. නමුත් ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කළහ.

හුද්ගේ ජනයා මහපොළොවේ උඩඟුකම් පෑවෝය. සාලිහ්ගේ ජනයා ඔටුවාව මරා දැමුවෝය. ලූත්ගේ ජනයා සමලිංගික දුරාචාරය ගැන අවධාරනය කළෝය. ෂුඅයිබ්ගේ ජනයා දූෂණය සහ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කළෝය. කිරුම් මිණුම් හි වංචා කළෝය. ෆිර්අවුන්ගේ ජනයා මූසාගේ ප්රජාවට සීමාව ඉක්මාව වැරදි හා සතුරුකම් සේන්දු කළෝය. ඔවුන් හැමෝටම පෙර නූහ්ගේ ජනයා ලෝක ස්වාමියාට නමස්කාර කිරීමේ දී ආදේශ කළෝය.

"කවරෙකු යහකමක් සිදු කළේ ද එය ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නපුරක් කළේද එය ඔහුට එරෙහිවය. ඔබේ පරමාධිපති ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවේ." (ෆුස්සිලත්: 46) (327)

"එසේ සෑම සමූහයක්ම එහි පාපය හේතුවෙන් අපි ග්රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අයද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙයි. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නොවීය. නමුත් ඔවුහු ඔවුනටම අපරාධ කර ගනිමින් සිටියෝය." (අල්-අන්කබූත්: 40) (328

(ෆුස්සිලත්: 53)

يجب أن نفرق بين الإيمان والتسليم لرب العالمين.

فالحق المطلوب لرب العالمين الذي لا يسع أحد تركه هو التسليم له بالوحدانية وعبادته وحده لا شريك له، وأنه الخالق وحده له الملك والأمر، سواء رضينا أم أبينا وهذا أصل الإيمان (والإيمان يكون بالقول والعمل)، ولا نملك خيارًا آخر، والتي على ضوئها يحاسب الإنسان ويعاقب.

وما يقابل التسليم هو الإجرام، قال الله تعالى:

﴿أَفَنَجۡعَلُ ٱلۡمُسۡلِمِينَ كَٱلۡمُجۡرِمِينَ 35﴾

[سورة القلم: 35].

وأما الظلم فهو جعل شريك أو ند لرب العالمين، قال الله تعالى:

﴿...فَلَا تَجۡعَلُواْ لِلَّهِ أَندَادٗا وَأَنتُمۡ تَعۡلَمُونَ﴾

[سورة البقرة: 22].

﴿ٱلَّذِينَ ءَامَنُواْ وَلَمۡ يَلۡبِسُوٓاْ إِيمَٰنَهُم بِظُلۡمٍ أُوْلَٰٓئِكَ لَهُمُ ٱلۡأَمۡنُ وَهُم مُّهۡتَدُونَ 82﴾

[سورة الأنعام: 82].

والإيمان قضية غيبية تقتضي الإيمان بالله وملائكته وكتبه ورسله واليوم الآخر، والقبول والرضا بقضاء الله وقدره، قال الله تعالى:

﴿قَالَتِ ٱلۡأَعۡرَابُ ءَامَنَّاۖ قُل لَّمۡ تُؤۡمِنُواْ وَلَٰكِن قُولُوٓاْ أَسۡلَمۡنَا وَلَمَّا يَدۡخُلِ ٱلۡإِيمَٰنُ فِي قُلُوبِكُمۡۖ وَإِن تُطِيعُواْ ٱللَّهَ وَرَسُولَهُۥ لَا يَلِتۡكُم مِّنۡ أَعۡمَٰلِكُمۡ شَيۡـًٔاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٌ 14﴾

[سورة الحجرات: 14].

الآية الكريمة أعلاه تدلنا على أن الإيمان مرتبة ودرجة أرفع وأسمى وهي الرضا والقبول والقناعة، والإيمان درجات ومراتب يزداد وينقص، فقدرة الإنسان وسعة قلبه على استيعابه للأمور الغيبية تختلف من شخص لآخر، والبشر يتمايزون في سعة إدراكهم لصفات الجمال والجلال ومعرفتهم بربهم.

فلن يعاقب الإنسان على قلة إدراكه للغيبيات أو ضيق أفقه، ولكن يؤاخذ الله الإنسان على الحد الأدنى المقبول منه للنجاة من الخلود في النار، ويجب التسليم لله بالوحدانية وأن له الخلق والأمر وعبادته وحده، وبهذا التسليم يغفر الله ما سواه من الذنوب لمن يشاء، ولا خيار آخر أمام الإنسان، فإما الإيمان والفوز وإما الكفر والخسران، إما أن يكون شيء أو لا شيء.

قال الله تعالى: ﴿إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا 48﴾

[سورة النساء: 48].

فالإيمان قضية تتعلق بالغيب وتتوقف عندما ينكشف الغيب أو تظهر علامات الساعة، قال الله تعالى:

﴿...يَوۡمَ يَأۡتِي بَعۡضُ ءَايَٰتِ رَبِّكَ لَا يَنفَعُ نَفۡسًا إِيمَٰنُهَا لَمۡ تَكُنۡ ءَامَنَتۡ مِن قَبۡلُ أَوۡ كَسَبَتۡ فِيٓ إِيمَٰنِهَا خَيۡرٗاۗ...﴾

[سورة الأنعام: 158].

والإنسان إن أراد أن ينتفع من إيمانه بالأعمال الصالحة ويزيد من حسناته فلا بد أن يكون ذلك قبل قيام الساعة وانكشاف الغيب.

أما الإنسان الذي ليس له أعمال صالحة فيجب ألا يخرج من الدنيا إلا وهو مستسلم لله ومسلِّم بقضية الوحدانية، والعبادة له وحده، إذا ما كان يرجو النجاة من الخلود في النار، فالخلود المؤقت قد يقع لبعض أهل المعاصي، فهذا تحت مشيئة الله، إن شاء غفر له وإن شاء أدخله النار.

قال الله تعالى:

﴿يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ حَقَّ تُقَاتِهِۦ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنتُم مُّسۡلِمُونَ 102﴾

[سورة آل عمران: 102].

والإيمان في دين الإسلام قول وعمل، فهو ليس إيمانًا فقط كما في تعاليم النصرانية اليوم، ولا عملًا فقط كما هو الحال في الإلحاد، ولا تستوي أعمال الإنسان في مرحلة إيمانه بالغيب وصبره، مع الإنسان الذي عاين وشاهد وانكشف له الغيب في الآخرة، كما لا يستوي من عمل لله في مرحلة الشدة والضعف وعدم معرفة مصير الإسلام، مع من عمل لله والإسلام فيها ظاهر وعزيز وقوي.

﴿...لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ﴾

[سورة الحديد: 10].

ورب العالمين لا يعاقب بدون سبب، فالإنسان إما يحاسب ويعاقب على تضيع حقوق العباد أو حق رب العالمين.

الحق الذي لا يسع أحد تركه للنجاة من الخلود في النار، وهو التسليم لرب العالمين بالوحدانية وعبادته وحده لا شريك له، بقول: "أشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله، وأشهد أن رسل الله حق، وأشهد أن الجنة حق والنار حق"، والقيام بحقها.

عدم الصد عن سبيل الله أو معاونة أو مساندة أي عمل يقصد به الوقوف في وجه الدعوة أو انتشار دين الله.

عدم هضم أو ضياع حقوق الناس أو ظلمهم.

كف الشر عن الخلق والمخلوقات، وإن تطلب ذلك أن ينأى بنفسه أو يعتزل الناس.

فالإنسان ربما لا تكون له أعمال صالحة كثيرة لكنه لم يضر أحدًا أو ينشغل بأي عمل يسيء لنفسه أو للناس، وشهد لله بالوحدانية، يُرجى له بذلك النجاة من عذاب النار.

﴿مَّا يَفۡعَلُ ٱللَّهُ بِعَذَابِكُمۡ إِن شَكَرۡتُمۡ وَءَامَنتُمۡۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمٗا 147﴾

[سورة النساء: 147].

فالبشر يتم تصنيفهم على مراتب ودرجات، ابتداءً من أعمالهم في الدنيا في عالم الشهادة وحتى قيام الساعة وانكشاف عالم الغيب وبدء الحساب في الآخرة، فمن الأقوام من يبتليهم الله في الآخرة كما ورد في الحديث الشريف.

فرب العالمين يعاقب الأقوام كلًا حسب أعماله وأفعاله السيئة، فإما يعجلها في الدنيا، وإما يؤخرها للآخرة، ويتوقف ذلك على مدى فداحة الفعل وإذا ما كان له توبة، ومدى أثره وضرره على الحرث والنسل وسائر المخلوقات والله لا يحب الفساد.

فالأقوام السابقة كقوم نوح، هود، صالح، لوط، فرعون وغيرهم ممن كذبوا بالرسل، فعاجلهم الله العقوبة في الدنيا وذلك بسبب أفعالهم المنكرة وطغيانهم، فهم لم ينأوا بأنفسهم أو يكفوا شرهم بل تمادوا، فقوم هود تجبروا في الأرض، وقوم صالح قتلوا الناقة، وقوم لوط أصروا على الفاحشة، وقوم شعيب أصروا على الفساد وضياع حقوق الناس في المكيال والميزان، وقوم فرعون لحقوا بقوم موسى بغيًا وعدوًا، ومن قبلهم قوم نوح أصروا على الشرك بعبادة رب العالمين.

﴿مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّٰمٖ لِّلۡعَبِيدِ 46﴾

[سورة فصلت: 46].

﴿فَكُلًّا أَخَذۡنَا بِذَنۢبِهِۦۖ فَمِنۡهُم مَّنۡ أَرۡسَلۡنَا عَلَيۡهِ حَاصِبٗا وَمِنۡهُم مَّنۡ أَخَذَتۡهُ ٱلصَّيۡحَةُ وَمِنۡهُم مَّنۡ خَسَفۡنَا بِهِ ٱلۡأَرۡضَ وَمِنۡهُم مَّنۡ أَغۡرَقۡنَاۚ وَمَا كَانَ ٱللَّهُ لِيَظۡلِمَهُمۡ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ 40﴾

[سورة العنكبوت: 40].

تحديد المصير ووصول بر الأمان:

المصدر

--

ملاحظات

--