ඉස්ලාමය බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضاتشبهات حول المرأةالشبهات والاعتراضاتشبهات حول تعدد الزوجات
- الباب / الفصل
- المرأة في الإسلام
السؤال
ඉස්ලාමය බහු විවාහයට අවසර දෙන්නේ ඇයි?
- لماذا يُجيز الإسلام تعدد الزوجات؟
الجواب
ගෝලීය සංඛ්‍යාලේඛනවලට අනුව, පිරිමි සහ ගැහැණු උපත ලබන්නේ ආසන්න වශයෙන් සමාන අනුපාතයකිනි. විද්‍යාත්මකව දන්නා කරුණක් නම් පිරිමි ළමුන්ට වඩා ගැහැණු ළමුන්ට දිවි ගලවා ගැනීමේ සහ පැවැත්මේ අවස්ථා වැඩි බවයි.
යුද්ධවලදී පිරිමින් මිය යෑමේ ප්‍රතිශතය කාන්තාවන්ට වඩා වැඩිය.
කාන්තාවන්ගේ සාමාන්‍ය ආයු කාලය පිරිමින්ට වඩා වැඩි බව විද්‍යාත්මකව ද හඳුනන කරුණකි. මේ නිසා ලෝකයේ වැන්දඹු කාන්තාවන්ගේ ප්‍රතිශතය පිරිමි වැන්දඹුවන්ට වඩා වැඩිය.
මේ අනුව, ලෝකයේ කාන්තා ජනගහනය පිරිමි ජනගහනයට වඩා වැඩි බව අපි නිගමනය කරමු. ඒ අනුව සෑම පිරිමියෙකුම එක් භාර්යාවකට සීමා කිරීම ප්‍රායෝගිකව නුසුදුසු විය හැකිය.
බහු භාර්යා සේවනය නීත්‍යානුකූලව තහනම් කර ඇති සමාජවල, පුරුෂයෙකුට විවාහයෙන් පරිබාහිර සේවිකාවන් සහ අන්‍ය සබඳතා කිහිපයක් තිබීම සාමාන්‍ය දෙයක් බව අපට පෙනී යන අතර මෙය බහු විවාහයක් ව්‍යංගයෙන් පිළිගැනීමකි. නමුත් එය ඔවුන්ට නීති විරෝධී ය.
මෙය ඉස්ලාමයට පෙර පැවති ප්‍රචලිත තත්වයයි. ඉස්ලාමය පැමිණියේ එය නිවැරදි කිරීමටත්, කාන්තා අයිතිවාසිකම් සහ අභිමානය ආරක්ෂා කිරීමටත්, ඇයටත් ඇයගේ දරුවන්ටත් ගෞරවය හා අයිතිවාසිකම් ඇති ඇගේ සැමියාට ආදරණීය බිරිඳක් බවට පත් කිරීමටත්ය.
විවාහයකින් තොරව අනියම් සබඳතා පිළිගැනීමට හෝ සමලිංගික විවාහයකින් සබඳතා පිළිගැනීම, එසේම පැහැදිලි භාරකරුවන් නොමැතිව සබඳතා පිළිගැනීමට හෝ පියවරුන් නොමැතිව දරුවන් පිළිගැනීම පවා මෙම සමාජවලට කිසිදු ගැටලුවක් නොවීම පුදුමයට කරුණකි. කෙසේ නමුත් පිරිමියෙකුට නිත්‍යානුකූල විවාහයකින් එක් ස්ත්‍රියකට වඩා වැඩි වීම ඔවුන් පිළිගන්නේ නැත.
ඉස්ලාම් මේ කාරණය සම්බන්ධයෙන් ඥානවන්ත පිළිවෙතක් අනුගමනය කර ඇති අතර කාන්තාවන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහාත් යුක්තිය සහ හැකියාව පිළිබඳ කොන්දේසිය සපුරා ඇති අවස්ථාවක පුරුෂයකුට භාර්යාවන් හතරකට වඩා අඩු සංඛ්‍යාවක් සිටින තාක් කල් ඔහුට බහු භාර්යාවන් ඇති කර ගැනීමට අවරසය ඇත.
එමෙන්ම අවිවාහක ස්වාමිපුරුෂයෙකු සොයා නොගත්, විවාහක පිරිමියෙකු සමඟ විවාහ වීම හැර වෙනත් විකල්පයක් නොමැති හෝ අනියම් බිරිඳක් ලෙස බල කිරීමට ලක්වන කාන්තාවන්ගේ ප්‍රශ්නයට මෙය පිළියමක් වේ.
ඉස්ලාම් බහු භාර්යා විවාහයට අවසර දී ඇතත්, මුස්ලිම්වරයෙකුට කාන්තාවන් එකකට වඩා විවාහ වීමට බල කෙරෙන බව සමහරුන් තේරුම් ගෙන ඇති පරිදි එය නැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි:
"අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් (ඔවුන් හැර වෙනත්) කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙක හෝ තිදෙනෙක හෝ සිව් දෙනෙක හෝ නුඹලා විවාහ කර ගනු. එනමුත් (ඔවුන් අතර) යුක්ති සහගත ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එක් තැනැත්තියක් පමණක් විය යුතුය..." (අන්-නිසා: 3) (208)
යුක්තිය පසිඳලීමේ කොන්දේසිය සපුරා නොමැති විටෙක, එක් භාර්යාවක් පමණක් විවාහ කර ගත යුතු බව පවසන ලොව එකම ආගමික ග්‍රන්ථය අල් කුර්ආනයයි.
(අන් නිසා: 111)
"තවද නුඹලා ආශා කළ ද බිරියන් අතර සාධාරණ ව කටයුතු කිරීමට නුඹලා ශක්තිය නොදරන්නෙහුමය. එබැවින් (එක් බිරියක් වෙත පමණක්) පූර්ණ නැඹුරුවකින් නැඹුරු වී (අනෙක් බිරිය වන) ඇය ව (වැන්දඹුවක් ද අඹුවක් ද යන සැකයෙන්) එල්ලෙන්නියක් මෙන් අත හැර නොදමනු. නුඹලා සමතයට පත් වී බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය; අසමසම කරුණාන්විතය." (අන්-නිසා: 129) (209)
සෑම අවස්ථාවකදීම, තම ස්වාමිපුරුෂයාගේ එකම බිරිඳ වීමේ කොන්දේසිය, විවාහය ගිවිස ගන්නා අවස්ථාවේ සඳහන් කිරීමෙන් කාන්තාව එහි උරුමය ලබනු ඇත. මෙය පිළිපැදිය යුතු මූලික කොන්දේසියකි. එය අහෝසි කිරීම සුදුසු නැත.
قال الله تعالى:
[سورة النساء: 3].
[سورة النساء: 129].
حسب الإحصائيات العالمية فإن الذكور والإناث يولدون بنفس النسبة تقريبًا، ومن المعروف علميًا أن فرص نجاة وبقاء الأطفال الإناث أكثر من الذكور، وفي الحروب فإن نسبة قتل الذكور أكثر من النساء، كما أنه من المعروف علميًا أن متوسط العمر الافتراضي للإناث هو أكثر من متوسط عمر الذكور، مما يترتب عليه زيادة نسبة الأرامل النساء في العالم عن نسبة الأرامل الذكور.
وبالتالي فإننا سوف نصل إلى نتيجة، أن سكان العالم من النساء هم أكثر من عدد السكان الذكور، وبناءً عليه قد لا يكون من المناسب عمليًا تقييد كل رجل بزوجة واحدة.
في المجتمعات التي يُحظر فيها تعدد الزوجات قانونيًا نجد أنه من الشائع أن يكون لدى الرجل عشيقات وعدة علاقات خارج إطار الزواج، وهذا إقرار ضمني بالتعدد ولكن غير قانوني لديهم، وهو الوضع الذي كان سائدًا قبل الإسلام، وجاء الإسلام ليصححه، ويحفظ للمرأة حقوقها وكرامتها ويحولها من عشيقة إلى زوجة لها كرامة ولها حقوق ولأطفالها.
ومن العجيب أنه ليس لدى هذه المجتمعات أي مشكلة في قبول العلاقات بدون زواج أو حتى الزواج من نفس الجنس، وكذلك قبول العلاقات بدون مسؤولية واضحة أو حتى قبول أطفال بلا آباء، إلخ، لكنها لا تتسامح مع زواج قانوني بين رجل وأكثر من امرأة، في حين أن الإسلام حكيمٌ في هذه المسألة وصريح بالسماح للرجل بتعدد الزوجات حفاظًا على كرامة المرأة وحقوقها، وطالما أنَّ لديه أقل من أربع زوجات في حال توافر شرط العدل والمقدرة، ولحل مشكلة النساء التي لا تجد زوجًا أعزبًا وليس أمامها إلا أن تتزوج رجل متزوج أو أن تضطر بأن تقبل أن تكون عشيقة.
على الرغم من أن الإسلام سمح بتعدد الزوجات لا كما يفهم البعض أن المسلم مُجبر على الزواج بأكثر من واحدة.
﴿وَإِنۡ خِفۡتُمۡ أَلَّا تُقۡسِطُواْ فِي ٱلۡيَتَٰمَىٰ فَٱنكِحُواْ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا تَعۡدِلُواْ فَوَٰحِدَةً...﴾
القرآن هو الكتاب الديني الوحيد في العالم الذي يبين أنه يجب الالتزام بزوجة واحدة فقط عند عدم توفر شرط العدالة.
﴿وَلَن تَسۡتَطِيعُوٓاْ أَن تَعۡدِلُواْ بَيۡنَ ٱلنِّسَآءِ وَلَوۡ حَرَصۡتُمۡۖ فَلَا تَمِيلُواْ كُلَّ ٱلۡمَيۡلِ فَتَذَرُوهَا كَٱلۡمُعَلَّقَةِۚ وَإِن تُصۡلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا 129﴾
في جميع الأحوال يحق للمرأة أن تكون الزوجة هي الوحيدة لزوجها عن طريق ذكر هذا الشرط في عقد الزواج وهذا شرط أساسي يجب الالتزام به، ولا يجوز نقضه.
المصدر
ملاحظات
--