مقدمة وغلاف المنتقى من موسوعة الأحاديث النبوية

مقدمة وغلاف المنتقى من موسوعة الأحاديث النبوية

දයා ගුණයෙන් යුක්ත කරුණාවන්ත අල්ලාහ් ගේ නාමයෙනි.

Language: lang_si
Prepared by:
Version: 1.0
Translations 63
Akan Amharic Assamese Azerbaijani +59
Attachments 7
PDF
Audio
Video
+3

දයා ගුණයෙන් යුක්ත කරුණාවන්ත අල්ලාහ් ගේ නාමයෙනි.

පෙරවදන

ලෝවැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා සතු ය. ශාන්තිය හා සමාදනය අපගේ නබි මුහම්මද් තුමාණන් හටත් එතුමාණන්ගේ සියළු සගයින් ‌හටත් විනිශ්චය දිනය දක්වා ධාර්මික ලෙසින් ඔවුන්ව අනුගමනය කරන්නන් හටත් හිමිවේවා!

අල්ලාහ්ගේ ග්‍රන්ථයට පසු මුස්ලිම්වරයෙක් කියවීමෙන්, සිතා බැලීමෙන් පරිශීලනය කිරීමෙන් ඉගෙනීම හා ක්‍රියාවට නැංවීමෙන් සැළකිය යුතු උතුම්ම දෑ දූත මුහම්මද් තුමාණන්ගේ පිළිවෙතයි. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: "අහෝ ජනයිනි, මම ඔබ අතර හැර යමි. ඔබ එය පිළිපදින තාක් කල් කිසිවිටෙක ඔබ නොමඟ නොයනු ඇත: එනම් අල්ලාහ්ගේ ග්‍රන්ථය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙතයි." ඉමාම් මාලික් විසින් මෙය වාර්තා කර ඇත. උත්තරීතර අල්ලාහ් (ශුද්ධ අල් කුර්ආනයේ) මෙසේ පවසයි: "තවද රසූල්වරයා ඔබ වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔබ පිළිපදිනු. තවද ඔහු ඔබව කවර කරුණකින් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු." (අල් හෂ්ර්:7) එබැවින්, "ජම්ඉයියතුල් හිද්මතුල් මුහ්තවල් ඉස්ලාමී" (විවිධ භාෂාවන්ගෙන් යුත් ඉස්ලාමීය කරුණු අන්තර්ගත සේවා) සංගමය සහ රබ්වාහි "අද්-දඃවතු ව තව්ඉය්යතුල් ජාලියා" (ප්‍රජාවන් ඇමතීම හා සහ දැනුවත් කිරීම සඳහා වූ සංගමය) එක්ව නබිතුමාගේ හදීස් පිළිබඳ විශ්වකෝෂයක් සකස් කර ඒවා භාෂා ගණනාවකට පරිවර්තනය කිරීම සඳහා උනන්දු වී ඇත.

මුස්ලිම්වරයකුට, තම ආගමික හා ලෞකික කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන කරුණු ගොනුවක් මෙම විශ්වකෝෂයේ තෝරා ගැනීම සඳහා අල්ලාහ් පහසුකම් සළසා ඇත. ඒ පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්, එහි අර්ථ සහ අදහස් පිළිබඳ මෙන්ම එහි ඇතැම් හරයන් පිළිබඳ පැහැදිලි කිරීමක් මෙහි ඇතුළත් වේ. එය ප්‍රකාශනයට පත්ව ඇත්තේ: "අල්-මුන්තකා මින් මව්සූඅතිල් අහාදීසින් නබවිය්යා" (නබි වදන් විශ්වකෝෂයෙන් තෝරාගත් කරුණු) යන නමිනි. මෙහි අන්තර්ගත කරුණු ප්‍රයෝජනවත් වන පරිදි හා දූතයාණන්ගේ සුන්නාහ්ව මනුෂ්‍ය වර්ගයා වෙත ඔවුන්ගේ ස්ව භාෂාවන් තුළින් දැනුම් දීම පිණිස පවතින සියලුම ජීවමාන භාෂාවන්ට පරිවර්තනය කිරීමේ පදනමින් මෙම කාර්යය ක්‍රියාත්මක වේ.

මෙම මහඟු කටයුත්ත පිළිගන්නා මෙන් ද මෙය ගෞරවණී අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් අවංකව ඉටු කළ ආශිර්වාදාත්මක ක්‍රියාවක් බවට පත් කර දෙන‌ මෙන් ද අපි අල්ලාහ්ගෙන් පතමු. මෙය සකස් කිරීම සඳහා පරිවර්තනය කිරීම සඳහා සහ මෙය ප්‍රකාශනය කිරීම සඳහා දායක වූ සියලු ‌දනන් හට අල්ලාහ් ප්‍රතිඵල ලබා දෙත්වා!

ශාන්තිය හා සමාදානය අපගේ නබි මුහම්මද් තුමාණන් හට හිමි වේවා!

කෙටි සාරාංශය

ආගමික නීති සම්පාදනයේ දෙවන මූලාශ්‍රය නබි වදන් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි: "ඔහු මනෝ ඉච්ඡාවට අනුව කතා නොකරයි." "එය පහළ කරනු ලබන දිව්‍ය පණිවිඩයක් මිස නැත" (අන්-නජ්ම්: 3,4)

හදීස් විශ්වකෝෂයේ, තෝරා ගත් මෙම කරුණු අතර මුස්ලිම්වරයෙකුට තම ආගමික සහ ලෞකික කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන විස්තීරණ හදීස් එකතුවක් ඇතුළත් වේ. එමෙන්ම ඒවා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්, ඒවායේ අර්ථ සහ අදහස් පිළිබඳ හා ඒවායෙහි ඇතැම් හරයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ද මෙහි ඇතුළත් වන අතර, ඒවා ලොව පවතින සියලුම ජීවමාන භාෂාවන්ට පරිවර්තනය කර ඇත. එය මෙහි අන්තර්ගත කරුණු ප්‍රයෝජනවත් වන පරිදි හා දූතයාණන්ගේ සුන්නාහ්ව මනුෂ්‍ය වර්ගයා වෙත ඔවුන්ගේ ස්ව භාෂාවන් තුළින් දැනුම් දෙනු පිණිසය.