“අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අල් කුර්ආනය කියවන දේව විශ්වාසියෙකුට උදාහරණය පැඟිරි ගෙඩියක උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය ප්‍රසන්නය. අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියෙකුට උදාහරණය ඉඳි ගෙඩියක උදාහරණයයි. එයට සුවදක් නැත. නමුත් එහි රසය පැණිරසය. අල් කුර්ආනය කියවන කුහකයකුට උදාහරණය රයිහාන් උදාහරණයයි. එහි සුවඳ ප්‍රසන්නය. එහි රසය තිත්තය. කුර්ආනය නොකියවන කුහකයකුගේ උදාහරණය තිත්තලබු උදාහරණයයි. එයට සුවදක් නැත. එමෙන්ම එහි රසය ද තිත්තය."
«مَثَلُ الْمُؤْمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْأُتْرُجَّةِ، رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا طَيِّبٌ، وَمَثَلُ الْمُؤْمِنِ الَّذِي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ التَّمْرَةِ، لَا رِيحَ لَهَا وَطَعْمُهَا حُلْوٌ، وَمَثَلُ الْمُنَافِقِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ مَثَلُ الرَّيْحَانَةِ، رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا مُرٌّ، وَمَثَلُ الْمُنَافِقِ الَّذِي لَا يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الْحَنْظَلَةِ، لَيْسَ لَهَا رِيحٌ وَطَعْمُهَا مُرٌّ».
අල් කුර්ආනය කියවීමේ දී හා එමගින් ප්‍රයෝජනය ලැබීමේ දී මිනිසුන් වෙන් කර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පළමුවැන්නා: අල් කුර්ආනය කියවන, එමගින් ප්‍රයෝජනය ලබන දේව විශ්වාසියා. ඔහු පැඟිරි ගෙඩියක් මෙනි. එහි ගන්ධය සුවදැතිය. එහි රසය ද මිහිරිය. එහි ප්‍රයෝජනය ද බහුලය. එහෙයින් ඔහු කියවන දෑ අනුව කටයුතු කරයි. අල්ලාහ්ගේ ගැත්තන්හට සෙත සලසයි. දෙවැන්නා: අල් කුර්ආනය නොකියවන දේව විශ්වාසියා. ඔහු ඉඳි ගෙඩියක් මෙනි. එයට සුවදක් නැත. නමුත් එහි රසය ප්‍රසන්නය. ඉඳි ගෙඩිය එහි සුවයෙහි හා එහි ඇතුළාන්තයේ පැණිරසය ආවරණය කර තිබෙන්නාක් මෙන්ම ඔහුගේ සිත ද දේව විශ්වාසය මත ආවරණය කෙරී තිබේ. නමුත් මිනිසුන් ආඝ්‍රාණය කරන තරමට එහි මතුපිට සුවද නැත. එය ඔහුගේ අල් කුර්ආන් කියවීම මිනිසුනට සවන් දීමෙන් ඔවුන් සැනසුමට පත්වන පරිදි නොමැති බැවිනි. තුන්වැන්නා: අල් කුර්ආනය කියවන කුහකයා. ඔහු රයිහානා වැනිය. එයට සුවද ඇති නමුත් එහි රසය තිත්තය. එය ඔහුගේ හදවත දේව විශ්වාසය සමග වලංගු නොවන පරිදි හා අල් කුර්ආනය අනුව ක්‍රියා නොකර, තමන් දේව විශ්වාසියෙකු ලෙස ජනතාව ඉදිරියේ පෙන්වා ගන්නා පරිදිය. ඒ අනුව එහි සුවඳවත් ගන්ධය ඔහුගේ පාරායනයට උපමා කර ඇති අතර එහි ඇති තිත්ත ඔහුගේ දේව ප්‍රතික්ෂේපයට උපමා කර ඇත. සිව්වැන්නා: අල් කුර්ආනය නොකියවන කුහකයා. ඔහු තිත්තලබු වැනිය. එයට සුවදක් නැති අතරම එහි සුවය ද තිත්තය. එහි සුවද නැතිකම ඔහු අල් කුර්ආනය නොකියවන බැවින් ඔහුගේ සුවඳ නැතිකමට උපමා කළේය. එහි රසයේ තිත්තභාවය ඔහුගේ දේව ප්‍රතික්ෂේපයේ තිත්තභාවයට උපමා කර ඇත. එහෙයින් ඔහුගේ අභ්‍යන්තරය දේව විශ්වාසයෙන් හිස්ව පවතින අතර ඔහුගේ මතු පිටින් ද ප්‍රයෝනයක් නැත. ඒ වෙනුවට ඔහු හානිය ඇති කරන්නෙකි.
...:
අල් කුර්ආනය දරා ඒ අනුව ක්‍රියා කරන්නාගේ මහිමය පැහැදිලි කිරීම.
වටහා ගැනීම සඳහා උපමා ඉදිරිපත් කිරීම ඉගැන්වීමේ එක් ක්‍රමයකි.
උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථය සම්බන්ධයෙන් අඛණ්ඩව කියවීම මුස්ලිම්වරයකුට තිබිය යුතුය.
සහීහුුල් බුහාරි (7/ 77) (5427).
සහීහ් මුස්ලිම් (1/ 549) (797).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 227).
نزهة المتقين.
لجمعٌ من المشايخ (1/ 741).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (12/ 568).
شرح رياض الصالحين.
للعثيمين (4/ 642).